Chapter 16

863 194 52
                                    

Tae:-" ඩෙන්මක් රජුනි...මා නැවත ඔබට පවසනවා, මෙය Mengyo ගෙ උගුලක් බව.ඔබලා මේ සිදුකරන දෙය Mengyo ගෙ සැලසුම් සාර්ථක කරගැනීමට උදව්වක්...එබැවින් නැවත සිතන්න...

ඩෙන්මක් රජු:-" නැවත සිතීමට දෙයක් නැහැ..අප මෙතනට ආවෙ යුද්ධ කිරීමට මිස සාම සාකච්ඡාවලට නොවේ..."

Tae:-" ඔබට අවශ්‍ය දේ ඉටුවේවි...."

කුමරුන් සිය අසිපත ඔසවා සිදුකල සංඥාව සමග සැවොම අසිපත් සමග ඉදිරියට ඇදුනා...අනෙත් සේනාවද එලෙසම ඉදිරියට පැමිණියා....Wuxian ගේ අණ අනුව ඊතල වර්ෂාවක් නිකුත් උනා...

කඩු අමෝරාගෙන සේනාවන් එකිනෙකට මුසු උනා....දෙපිලේ මකරුන්ද සිය ධාවකයින් ගේ මෙහෙය වීමට අවනත වෙමින් එකිනෙකා හා සටන් වැදුනා...මුලු වටපිටාවම රතු පැහැයට හැරී තිබුනා...මකරුන්ගේ ගින්දර හේතුවෙන් වාතය අධික උණුසුමකින් යුක්ත උනා....මේ අතර ටේහයුන්ග් හා ඩෙන්මක් රජු අතර ද්වන්ධ සටනක් සිදු වෙමින් පැවතියා.....

සටනේ අවසානයේ දී ඩෙන්මක් රජුගේ හිස කදින් වෙන් වූවා....මේ අතර අනෙක් රාජ්‍ය යේ රජුගේ හිසද Wuxian ගේ කඩු පහරින් වෙන් වූවා....ඩෙන්මක් රජුගේ හා අනෙක් රජුගේ හිස කෙස් වලින් අල්ලාගෙන ලියෝ ගෙ පිට මත නැග අහසට ගිය ටේහයුන්ග් .....

" යටත් වෙනු...ඔබලාගේ රාජ්‍ය යන් දැන් අරාජික යි"....එවිට අනෙක් රාජ්‍යයන් දෙක සටන් නවත්වා පසුබැස්සා....නමුත් එවිටම භූමි කම්පාවක් මෙන් පොලොව සෙලවීමට ගත්තා ....අහසේ සිට කම්පනය දැනෙන දෙස බැලූ කුමරුන් දුටුවේ මෙලොව භයානක මෙන්ම අප්‍රසන්නම දර්ශනය...අමරණීය හමුදාව...ඔවුන් ඇටසැකිලි වලින් පමණක් නිර්මාණය වී තිබුනා....කඩු අමෝරාගෙන යකුන් මෙන් එම හමුදාව ඉදිරියට ඇදෙමින් පැවතියා....

කඩු අමෝරාගෙන යකුන් මෙන් එම හමුදාව ඉදිරියට ඇදෙමින් පැවතියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Love Through The Space.....Where stories live. Discover now