His Lovely Bunny 🐰 - 03

1.4K 349 71
                                    

🐰🐰♥🐰🐰

............. එකපාරටම මට එහෙම හිතුන නිසා අඩියට දෙකට අර ළමය ගාවට දිව්ව මම එයාවත් වඩාගෙන පුළුවන් තරම් ඉක්මනට මගේ ගෙදරට දිව්වා....

~➡

මගේ පොඩි apartment එක තිබ්බෙ ඒ beach එකට ගොඩක් ළඟින්. ඉතින් විනාඩි 15 ක් වගේ කාලයක් ඇතුලත මට මගේ ගෙදරට එන්න පුළුවන් වුණා..

ඒත් ගෙදර එනකන් මග දිගටම මගේ අත් උඩ හිටපු ඒ hybrid පැටියා කලේ ඉකි ගගහ අඬපු එක.. දැන් නම් එයාගෙ කටින් පිටවෙන්නෙ හීන ඉකියක් විතරයි. ඒ කොහොම වුණත් තාමත් එයා මගේ කර වටේ ඔතන් ඉන්න එයාගෙ අත් දෙකවත් මගේ ඉන වටේ පටලවන් ඉන්න එයාගෙ කකුල් දෙකවත් පොඩ්ඩක්වත් ලිහිල් කලේ නෑ.

👦 - " පැටියෝ බලන්න අපි ගෙදර ආවා.."

එයාවත් අමාරුවෙන් මගේ ඇගට වාරු කරගෙන එක අතකින් දොර වහල ලොක් කරපු මම ගෙදර switches on කරලා එයාට කතා කලා.

ඔන්න ඒ ගමන මේ තරම් වෙලා මගේ බෙල්ල අස්සෙ හංගන් හිටපු එයාගෙ මූණ උස්සල වටපිට බැලුව එයා ආපහු මගේ බෙල්ල අස්සෙ මූණ හංගගත්ත.

👦 - " ඇයි පැටියෝ...
ඔයා මෙහෙට ආස නැද්ද? "

මගේ ඒ ප්‍රශ්නෙට එයා උත්තර දුන්නෙ ඔලුව වනල නෑ කියලා.

👦 - " එහෙනම් මොකෝ මේ... ම්ම්ම්ම්.

කෝ එන්නකො අපි ගිහින් wash එකක් දාගමු..හරිද! බලන්න ඔයා ඇදන් ඉන්න ඇදුම ගොඩක් ජරා වෙලා.. "

ඔව් එයා ඇදන් හිටියෙ ගොඩක් පරණ ඇදුමක්. ඒකත් හොදටම ජරා වෙලා වගේම තැන තැන ඉරිල ගිහින්. ගෙදර Lights on කරපු වෙලෙයි මම ඒක දැක්කෙ. ඒ නිසාම එයාව උස්සගෙන මම කෙලින්ම ආවෙ මගේ Room එකේ bathroom එක ගාවට.

👦 - " කෝ දැන් හොද පැටියා වගේ බිමට බහින්නකො wash එකක් දාගන්න. "

මම එයාව හිමීට බිමින් තියන්න හැදුවත් එයා කලේ ඔලුව වන වන මාව තවත් තදින් බදාගත්ත එක...

👦 - " පැටියෝ අහන්න.. මම කොහෙවත් යන්නෙ නෑ ඔයාව දාලා හරිද !.
දැන් හොද ළමයා වගේ බිමට බහින්නකො.
අපි මේ ජරා ඇදුම් අයින් කරල දාමු.. ම්ම්ම්....
කෝ බහින්න.... "

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now