His Lovely Bunny 🐰 - 07

1.3K 326 58
                                    

🐰🐰♥🐰🐰

.............එහෙම කියපු එයා මගෙන් ටිකක් ඈත් වෙලා මගේ ඉස්සරහින් ඉදගත්තා........

~➡

🐰 - " බනීගෙ අප්පා කවුද කියලා බනී දන්නෙ නෑ... බනීට හිටියෙ බනීගෙ ඔම්මා විතරයි.

ඔම්මා හැමදාමත් උදේට master ගාව වැඩට ගියා... එයා රෑ වෙලා තමා ආපහු ගෙදර එන්නෙ.. බනී හැමදාම ඔම්මා එනකන් ගෙදරට වෙලා තනියම ඉන්නව.. මොකද ඔම්මා බනීට කියලා තිබ්බා කවදාවත් ගෙයින් එළියට යන්න එපා කියලා...

දවසක් ඔම්මා වෙනදට වඩා කලින් ගෙදර ආවා.. එදා තමයි බනීගෙ 15 වෙනි උපන්දිනේ... ඔම්මා කලබලෙන් වගේ කිව්වා අපි තවත් මෙහෙ ඉන්නෙ නෑ වෙන තැනකට යනවා කියලා... පස්සෙ එදා රෑම ඔම්මා බනීවත් අරගෙන ගොඩක් දුර පැත්තකට ගියා....

එහෙ අපේ ගෙදර තිබ්බෙ ලොකු කැලේකින් වටවුණු තැනක.. අපි අවුරුදු තුනක් ඒ ගෙදර හිටියා..

ඔම්මා ඒ ගෙදරට ආපු දවසෙ ඉදන් ආපහු master ගාව වැඩට ගියේ නෑ.. බනී එක්කමයි හිටියෙ....

මීට සති කීපෙකට කලින් ඔම්මා අපිට කන්න දෙයක් ගේන්න කියලා කැලේට ගිය වෙලාවක කවුද කට්ටියක් අපේ ගෙදර දොරත් කඩාගෙන ඇතුලට ආවා. එයාලා නපුරු මිනිස්සු වගේ පෙනුන නිසා බනීට ගොඩක් බය හිතුනා. ඒ නිසයි බනී දුවල ගිහින් කුස්සියෙ තිබ්බ වලං අස්සෙ හැංගුනේ....

ඒත් ඒ වෙලාවෙ ඔම්මා ආපහු ගෙදර ආවා. එයාලා ඔම්මව අල්ලගත්තා... පස්සෙ එයාලා ඔම්මාට ගගහ ඇහුවා ළමයව කොහෙද හංගන් ඉන්නෙ කියලා.. ඔම්මා එයාලට මුකුත් කිව්වෙ නෑ.. එයා කලේ රිදෙන නිසා කෑ ගහපු එක විතරයි...

බනීට ඔම්මා ගැන ගොඩක් දුක හිතුනා.. බනී ආස නෑ ඔම්මා එහෙම අඩනවට... ඒකයි බනී හැංගිලා හිටපු තැනින් එලියට ආවෙ...

පස්සෙ එයාලා අපි දෙන්නවම අරන් ගියා ලොකු ගෙදරකට. ඔම්මා කිව්වා ඒක master ගෙ ගෙදර කියලා...

අපි එහෙ යද්දි බනී වගේ ගොඩක් අය එහෙ හිටියා.. එයාලා ඒ ගෙදර එක එක වැඩ කරන ගමන් හිටියෙ. සමහරුන්ට ගොඩක් දිග නැට්ටක් තිබ්බා. එයාලගෙ කන් බනීගෙ කන් වලට වඩා ගොඩක් චූටියි.. බනීවගේ අයත් එහෙ හිටිය... එයාලා ඇදගෙන හිටියෙ හරිම අමුතු ඇදුම්.

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now