නට්ලූස්පුර

1.6K 289 865
                                    

කණපිටපුර නගරයේ දකුණු කොණට වෙන්නට කාගේවත් වැඩි අවධානයක් යොමු නොවුණු පොඩි ගුරු පාරකින් ඇතුලට යන තැනක මලකඩ කෑ යකඩ වලින් අඩ්ඩඩ්ඩාවට සවි කර තිබූ බෝඩ් ලෑල්ලකි.

" නට්ලූස්පුර"

බෝඩ් ලෑල්ලේ අලි බක්කා අකුරින් එසේ ලියා තිබුණේ ගමේ හැටි දුටු කෙනෙක්ට කියා පාන්නට වාගේය. බෝඩ් ලෑල්ලේ තිබූ අලි බක්කා අකුරු වල හෙනේ ගමට ගැහුවාක් වාගේ මේ ගම ගැන දැනගෙන උන්න පිරිස නම් හරිම අඩු විය. උන්න තරමක් හිටියේම නට් ලූස් බඩුය. තැනේ හැටියට ඇණේ කියන්නාක් වගේ ගමේ නමේ හැටියට මිනිස්සුය.

         ***********************

තුම්පාස ආයේ.... යූ මුස්කුරායේ... තුම්නේනජා නේජා... කූචි කූචි හෝතාහේ... ආබතෝ මෙරා දිල්....

ගම මැදට වෙන්න පිහිටා තිබූ ග්‍රාම නිලධාරි මාමාගේ ගෙදර කබල් රේඩියෝවේ හඩ උදේ පාන්දර බකල් හඩින් කෑ මොරදෙන්නට පටං ගත්තේ සිංදුවේ කියන තරම් කුචියක් බකල් රේඩියෝවේ නොතිබූ බව කියාපාමිනි. අපේ ගෙදර තිබ්බේ ග්‍රාම නිලධාරී මාමාගේ ගෙදරට හූ දෙකක් විතර ඈතිනි. උදේ පාන්දර එලාම් එක නොතිබ්බේ නිලධාරී මාමාගෙ බකල් රේඩියෝ හඩ ගමම අවදි කරන නිසාය.

නිලධාරී මාමාගේ කබල් රේඩියෝවට කවුරුත් අකමැති උනාට නිලධාරී මාමගෙ ගෙදර හිටිය සීදේවි අණ්ඩපාල කොල්ලො තුන් දෙනාට නම් ගමේ අකමැති කෙනෙක් හිටියෙ නෑ.
අපරාදෙ කියන්න බෑ තුන් කට්ටුවගෙම මැන්ටල් ගතියක් තිබ්බත් මහා අලි ඔලුව.

ලොකු අයියා ආරෙං විනාසකාරී.

දෙවනි අයියා සුගත් පුස්පකුමාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙවනි අයියා සුගත් පුස්පකුමාර.

දෙවනි අයියා සුගත් පුස්පකුමාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නට්ලූස්පුරේWhere stories live. Discover now