කෑ පොක්

607 165 342
                                    

ගමට අලුතින් ආව ජිනදාස සර්ගෙ නංගි ගැන විස්තරේට අපේ මුලු ගෙදරම මිනිස්සු හරියට කම්පා උනා. මොනා උනත් අහින්සක දරුවා කියලා අපේ අම්ම පිල උඩ ඉදගෙන ඉහේ අත ගහගත්ත පාර තාමත් කල්පනාව. රෑට උයන්නෙත් නැද්ද මන්ද. තාත්තටත් ටික ටිඅ රෑ වෙද්දි බඩගිනි වෙලාද කොහෙද කුස්සිය පැත්තෙන් වලං හූරන සද්දෙකුත් ඇහුණා. අපේ අම්මටත් ඉතින් ඕන නැති මගුලක් නෑනෙ. රටේ පස්න මොකටද අපිට. ඕවා කල්පනා කරන දේවල්ද නැට්ට පිටින් අලි ඇදුම් නැතුව මැරෙද්දි. අමාසගත කරගන්න යමක් නැතුව ගිය එකට නම් මගෙ හිතට හරි අමාරුයි අප්පා. මා ඒ නිසා හෙමීට ලොක්කක්කගෙ කාමරේට රිංගුවා.

" මේහ්.. ඒ... ලොක්කක්කෙ..බඩගිනී ඕයි.."

මන් ලොක්කක්ක ගාවින් ඉදගන කනුකුණු ගෑවා. මොනා උනත් ලොක්කක්ක මට ආදරෙයි.

" ඇයි අම්ම උයල නැද්ද "

ලොක්කක්කා ඇහුවම මන් කටත් අනිත් පැත්ත පෙරලන් නෑ කියල ඔලුව වැනුවා .

" එනව යන්න උයන්න... "

ලොක්කක්කා ඒම කියාගන ඇදෙන් බැස්සා.
උයන්න යන්න....
අපෝ....
ඉල්ලන් කෑවද මන්දා....

මාත් ඔලුව කස කසා පිටිපස්සෙ වැටුණා.
.
.
.
.

" කොස්සා සා සා ඉන්න ස්ටා ටුනයිට්... සොවොච් මී බීං ද ෆන් සෙට්ටනායලයිට්.. ශනිං තුඃ ද සීටීවිත්ත ලීල් ෆක්කැන්සෝල්.... සෝමා ලායිටීටාප් ලක්ක ඩානමායිට්..."

හදිස්සියේම ලොක්කක්කගෙ කාමරේ පැත්තෙන් ඇහුණු උඩුබුරන සද්දෙට ලිපෙන් බාන ගමන් හිටිය හොද්ද ලොක්කක්කගෙ අතින් අතෑරුණේ වහාම කන් දෙක වහ ගැනීමේ අතිමහත් අවස්සියතාව පැන නැගුණු නිසා. කොටින්ම කිව්වොත් මමත් කන් දෙක අල්ලන් බිම පාත් උනා සහරාන් බෝම්බ ගහන්න ආවා වගේ පොඩි ෆීලිං එකක් ආව නිසා. මගෙ කාමරේ හෙට වාර විබාගෙට පාඩං කර කර හිටිය ප්‍රොම්, ගූ ඩබලත් දඩබඩ ගාලා කාමරෙන් එලියට හූ තියාගෙන දුවන් ආවා.

නිහඩ විරාමයක සටන් විරාමයක්......

අපි පොඩ්ඩක් කන් දීගන හිටියා.
දෙකක් නෑ ඔය අපේ ඇලෝ චී කෙල්ල. ඒකිට දරුණුවටම ඔය " කෑ පොක් " කියල පිස්සුවක් ගහල තියනවා. කොච්චරහරි ලොක්කක්කගෙ පෝං එක අරන් ඔය කෑ පොක් බලන එකම තමා ඇලෝගෙ විනෝදාංසෙ. දවසක එයත් කෑ පොක් ඉස්ටා කෙනෙක් වෙනෝ කියල තමා එයා කියන්නෙ. බැරිවෙන එකකුත් නෑ මයෙ හිතේ. ඕම කෑ ගාලා කියන සින්දු නම් උන්දට හොදට පුලාම්. ඔය කෑ ගහන වෙලාවට විටින් විට පොක් සද්දත් එනෝ අපිට නිතර ඇහිලත් තියනව. පොඩි එකාගෙ ආසාවනෙ කියල වෙනද කට වහන් උන්නට හොදි හැලිය හැලුණ නිසා මට අද නහුතෙටම තද උනා.

නට්ලූස්පුරේWhere stories live. Discover now