විලි ලැජ්ජාව

508 137 365
                                    

" ඇටබරියං හොටබරියන් .... කව්ද බන් ඒ ?"

මම හෝන්දු මාන්දු වෙලා ගිමීසේගෙන් ඇහුවට පොර දන්නෙත් නැති පාටයි . ඌත් ලිවුම් කොල්ලා දිහා කට බලියන් බලන් ඉන්නවා.

" මේ ගමේ අයව ඔයාල දන්නෙ නැද්ද ? "

පියුං කොල්ලා ඉදගන මගුලක් අහනවා. ඌ ගමටම ලියුම් බෙදන එකා. අපිට වඩා ගමේ උන් ගැන දන්නෙ ඌනෙ. නයිටි කෑලි ඇදන් ලියුම් ගන්න එන ඇන්ටි කෑලි ගැන නම් මූ ජාතකේම දන්නවා. පිරිමි පරාණයක් අදුරන්නෑ. වල් නරියා.

පට පට ගාලා මගේ ඔලුවට ඒ වගේ සොදුරු සිතුවිලි ගලාගන ආවත් වෙලාවට ඒවා මගෙ කටින් පිට උනේ නෑ. එහෙම උනා නම් මහ විනාසයක් වෙන්නෙ.

" නෑ ... අපි දන්නෑ... "

මම ඔරවගන කිව්වා. මේ ලියුම් කොල්ලව මට කෝමත් අල්ලන්නෑ. මූ අපේ ගේ ලගින් යද්දි ප්‍රොම් කෙල්ලට බෙල් එක ගහගන යන්නෙ.මන් දෙතුන් දවසක්ම බලාගන හිටියා. පියුං කොල්ලා හැන්ඩියා බව ඇත්ත . ඒ උනාට පොර හැමෝටම  බැල්ම දාන එක තමා අව්ල.

" අලුතින් ආවෙ නැද්ද කවුරුත් ? "

කොල්ල ආයෙ ඇහුව.

" ආහ්... ආව ජිනදාස සෑර්ලා... "

මම ටුක් ගාලා කිව්වා.

" කොහෙද එයාලා ? "

කොල්ලා ඇහුවා.

" එනවකො එහෙනම් යන්න.. "

කොල්ලට සැර දාලා මන් ගිමීසේවත් ඇදගන ජිනදාස සර්ලගෙ ගෙවල් පැත්තට ගියා.ගේ ගාවට ලන් වෙලා මම ගේ කොල්ලට පෙන්නුව. පස්සෙ ලියුම් කොල්ලා බෙල් එක ගැහුවාල ජිනදාස සර් එක්ක ඇවිත් හිටිය පිරිමි ලමයා එලියට ආවා.

" හොටබරියන් ඉන්නෙ මෙහෙද ? "

ලියුම් කොල්ලා කෑ ගහද්දි අර කොල්ලගෙ මූණ පැතලි උනා. හොබාරිං පට පට ගාලා දුවගන ආවා.

" කෑ ගහන්න එපා මල්ලි. ඒ මම තමයි .. "

ටක් ටක් ගාල දුවගන ඇවිල්ලා හොබාරිං හෙමීට කිව්වාම මම කුප්ප හිනාවක් එක්ක ගිමීසේගෙ මූණ දිහා බැලුවා. මගෙ කුප්ප හිනාවට නොදෙවෙනි කුප්ප හිනාවක් උගෙ මූණෙත් තියනව මන් දැක්ක. හිකි හිකි.... ඒ නමත් නරකම නෑහ්...

නට්ලූස්පුරේWhere stories live. Discover now