ටිකිරි ලියා

344 98 32
                                    

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි හිත දැන් නම්.... චක බුම් බුම්... ලට පුං පුං... හෝඕඕඕ

සිත්ත මෝසං ගී..... ත නාදෙං චංචලයි ලොව දැන් නම්... ලක ඩොම් ඩොම්...

ආතල් එකේ සින්දුවක් කියාගෙන මම දත් සැට් එක මැද මැදා හිටියේ ඉස්කෝලෙ යන්න ඕන හින්දා. නැත්නම් ඉතින් දත් මදිද්දි කොහොමත් හවස් වෙනවා. නැත්නම් ඉතින් හරියටම රෑ දොලහට මදිනවා.. උදේටයි රෑටයි දෙකටම අල්ලලා. එහෙමනෙ කියන්නෙ.

කාටත් කියන්න... රෑටත් මදින්න...

කියලා ටූත්පේස්ට් ඇඩ් එකේ. මං හිතන්නෙ එයාල මදින්නෙත් රෑට විතරද කොහෙද.

දත් සැට් එක කිරි පාටට බැබලෙන්න මැදලා ලිඳ ගාවට ඇග හෝදන්න කියලා ගියා. ලිඳ ගාව කබරගොයා. දියබරියා කකුල කන්න කලින් මම ඉක්මනට ගෙට දිව්වා. නැත්නම් ටිකිරි ලියා වගේ   ලිඳ ගාවම ලෙප්ට් උනා කියලා ගමේ මිනිස්සු මට කතා හදයි. 

අද හැබැයි ආරච්චිගෙ ලකඩම් රේඩියෝවේ සද්දෙ ඇහුනෙ නෑ. ඒකනෙ මට මේ පරක්කු . එක්කො ආරච්චි මාමලා කොහෙහරි  ගිහිල්ල.යන ගමන් පොඩ්ඩක් හොට දාලා බලන්න ඕනෙ.

තාත්තට කියලා කබරගොයාවයි දියබරියවයි පන්නගෙන මම ඇග හෝදගන ඉස්කෝලෙ යන්නත් ලෑස්ති වෙලා පාරට බැස්සා. පුරුදු විදියටම කිරිකොක්කු වගේ හරිම ආසාවෙන් පාසල වෙත මේ හිමිදිරි උදෑසනේ පියනගන මාගේ ප්‍රියවත් ගුණවත් පිරිස මගදි එකතු උනා. කට්ටියම එක්ක ඉස්කෝලෙ යන ගමන් නිලධාරී මාමලාගෙ ගේ පහු කරද්දි පොඩ්ඩක් ඒ පැත්තට රබර් ඇහැ කරකවන්නත් මම අමතක කලේ  නෑ.  මාමලාගෙ වැටේ එල්ලිලා පොඩ්ඩක් හෝදිසිය දාගන ඉද්දි එකපාරටම මොනාහරි දඩ බඩ ගාලා පෙරලෙන සද්දයක් එක්ක කවුරුහරි

" බුදාම්බෝ !! "

ගාලා කෑ ගහනවා ඇහුණා.

ඒ එක්කම ගේ පෙරලගෙන එලියට දුවන් ආවේ ආරෙං අයියා.

" බුදු අප්පච්චියේ ගහන්න එපා.. මම හිතලා කලේ නෑ.. ඉහි ඉහි.. "

ආරෙං අයියා දෝත නගා සාදු කියා වැද වැද අඩනවා. වැටේ එල්ලිලා බලාගන හිටපු මම ටක් ගාලා වැට අතෑරලා බිමට පාත් උනා. නිලදාරී මාමා අලි බඩත් හොලව හොලව කොස්සකුත් අරගෙන එලියට ආවේ මූණත් කජු ලෙල්ල වගේ කරගෙන. ඒ යකාට නම් හොදටම තද වෙලා වගේ. හොඳ වෙලාවට මම වැට අතෑරලා ගහකට මුවා උනේ. අපේ අම්මා පොඩි කාලේ කියලා තියනවා ඕකගෙ බඩ තඩිවෙලා තියෙන්නෙ ලමයි ගිලලා කියලා . අහිම්සක මාව ගිලලා දැම්මොත් එහෙම මේ රටට වෙන මහත් පාඩුව ගැන හිතලමයි මම ගහකට මුවා උනේ. නැත්නම් මම එහෙම බයගුල්ලෙක් නෙවේ. මගෙ පැවැත්ම පිලිබඳ ප්‍රස්නයක් මේක.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 26, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

නට්ලූස්පුරේWhere stories live. Discover now