කුසිං

666 183 400
                                    

ගිමීසේයි මායි ජිනදාස සර්ගෙ ලොරිය ගාවට පොඩ්ඩක් ලං උනා. ලොරියට මුවා වෙලා අපි දෙන්නා හොර බලල්ලු දෙන්න වගේ අපේ හොඹු දික් කර කරා පොඩි පරීස්සාවක් දැම්මා. හොද චාන්ස් එක. තඩි ලොරිය නිසා මොන මල පෙරේතයෙක්ටවත් අපි දෙන්නව පේන්නෙ නෑ ඉතින් . අවස්තාවෙන් උපරිම පෙරෝජන ගන්නෙපැයි.

" මේහ්.. අර උස කොල්ලා නම් කුක්කිරි අයියලගෙ වයසෙ වගේ නේද බම්.. "

ජිනදාස සෑර් එක ඇවිල්ලා උන්න අර උස කොල්ලට ඇගිල්ල දික් කර කරා ගිමීසේ කුටු කුටු ගෑවා. මන් බලන් හිටියේ ඒ ලග හිටිය කෙල්ල දිහා.
හා හා පාඨක ජනතාව දැන් මන් ගැන වෙන වෙන ඒව හිතන්නේම නෑ ඔන්න ඈහ්.
ලේලන්ඩ් බස් එකක හෙඩ් ලයිඩ් දෙකක් වගේ බක්ක ඇස් දෙකකුයි නූලුස් වගේ පකුටු පකුටු කොණ්ඩෙකුයි ඒ ලමයට තිබ්බ. ඒ ලමය හෙනම කොටයි. බාලාන්සෙ ලමයෙක් වාගෙ.ජිනා සෑර්ගෙ මායියා වෙන්න නම් බෑ.

" යෝ චිල්රං වටායූ ඩුයිං හේ යෝ "

එකපාරටම අපිට පිටිපස්සෙන් කාටදෝ ඉන්ගීසියෙන් බඩ යනවා ඇහුන නිසා ගිමීසේ මගෙ පිටට දඩෝං ගාල එකක් ගැහුවා. මගෙ ඔලුව කෙලින්ම ගීම් ලොරි බොඩියෙ ඇණුනෙ උන්ද පොල් කඩනවා වගේ දීපු පාරෙ සැරට.

" මොන්...න  ප.........න්තියටද පොතක් ගේන්න කිව්වෙ "

ගිමීසේට හොද දෙකක් කියන්න මගේ වාචාල දිව ඉස්සර උනත් හොද වෙලාවට අවස්තානෝචිතව කටයුතු කරන මගෙ සේස්ට මොල ගෙඩ්ඩා සෑර්ව දැකලා මගෙ වලත්ත දිවට වෙන වචනයක් සුටුස් ගාලා සන්නිවේදනය කලා. ගැම්මක් තමා කෙම්ලේ. නූලට වචන ටික ගැලපුනා. ලොරි බොඩියෙ ඇනිච්ච ඔලු ගෙඩිය පුපුරු ගහනව වගේ දෙයියෝ. මන් ගිමීසේට පස්සෙ මේකෙ සම්බුව දෙඤ්ඤං. හහ්......

" යෝ චිල්රන් අයිම්........."

" වෑල්වෑල් හැච්චුං යූනෝ...."

පොර ඉතුරු ටික කියන්න කලින් මීට කලින් පනස් පාරක් විතර පොර කිව්ව කතාව මන් සට සට ගාල කියලා දාලා දත් තිස් දෙකම දාලා හිනා උනා.අහ්... තාම තිස් දෙකක් නෑ. අර නැණ දත්ද මොනාද දෙක තාම ඇවිත් නෑනෙ. ගැම්මක් තමා ඉතින්. මන් එහෙමයි. එකපාරක් දෙපාරක් කිව්වම ඕන දෙයක් හොදට ධාරණය කරගන්න මගෙ විශිෂ්ඨ මනසට හැකියාව තියනව .

නට්ලූස්පුරේWhere stories live. Discover now