හුරුල්ලෝ

533 123 227
                                    


සිද්ධ වෙච්ච හතර විලි ලැජ්ජාවට මට ජිනියගෙ මූණ බලන්නත් මොකද්දෝ වගේ. ඊලග දවසෙ ඉස්කෝලෙ ගියෙත් ඌට මූණ දෙන්නෙ කෝමද කියලා කල්පනා කර කර. මටත් හොදෑඩේ දන්න මගුලයි නොදන්න මගුලයි ඔක්කොම පටලගන රට හරකා වගේ නටනවට. ඕම වෙලා බේරුණා මදෑ. තව පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඕක ගම පුරාම පැතිරිලා මම අමාරුවෙන් රැකගන ආව නම්බුව තමා ලෙප්ට් වෙන්නෙ. වැදගත් උගත් බොදු දරුවෙක් විදියට මම ගමේ තියානග හිටිය තැන ආයෙ කාටවත් බලෙන් ලබාගන්න පුලුවන් තැනක් නෙවේ. ඒ තරම් රටට ගමට වැඩදායී අග්ගල පුග්ගලයෙක් මම. ඒම ලේසියෙන් මගේ නම්බුව ඇරගනත් බෑනෙ .

ඒ උනාට ඉතිං දැන් නම්බුව බම්බුව වෙලා ඉවරයි .

ගෙදර ආවට පස්සෙ නම් මම කන පුරෝලා කට්ටියගෙන් හොදට බැනුම් අහගත්තා. මොකද ඉතින් අපේ අම්මා එතන රඟ දක්වපු නාටකේට වසරේ මාතා සම්මානය දෙන්න වටිනවා. නෙෆක්කගෙ බිච් බණේ එනගමන් පාර දිගට අහ අහ ඇවිල්ලා මට වමනෙට වගේ. ඒකත් ඉතින් කොටි වල්ගෙ අල්ලගත්ත වගේ. මොනා උනත් හොද කෙල්ල. ගිමීසේ වගේ කූර නෑ. ගෙදර ආවට පස්සෙමම ඔලුවෙ ඉදන් පොරවගන ඇදට වැටුණෙ සමාජෙට මූණ දෙන්න පොඩ්ඩක් අමාරු නිසා මිසක් මූන දෙන්න බැරි තරම් මූන කැත නිසා නෙමේ.

ඒ මොනා උනත් මාව පල් කරලා පජාත කරලා විනාස කරලා දාන්නම ඉපදිලා ඉන්න අර පොඩි බඩු දෙකගෙන් නම් බේරෙන එක කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් කියලා මට ටික වෙලාවකින් තේරුණා.

" පණුවක්කේ..... ඊයා ඕයි මොකද්ද ඒ උනේ.. "

පෝර්න් කෑම්ල ඒම කියාගන ගූ බබා එක්ක ඇතුලට ආවා. මුන් දෙන්නා ආවා කියන්නෙ ඉතින් ගලි ලොරියක් ආවා වගේ තමා. අද නම් මාව කාලම දායි වගේ. කෝමහරි මේ වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න ඕනෙ. මුන් දෙන්නගෙ බෙලෙක් කටවල් වල සද්දෙට අම්මා ආයෙ තව ඇවිස්සෙන්න බැරි නෑ. මම ඒ නිසා හුට හුට ගාලා පොරවන් හිටිය රෙද්ද විසි කරලා හුටස් ගාලා ඇදේ ඉදගත්තා. මම ප්‍රතික්‍රියා කරපු වේගෙට අරුන් දෙන්ම නම් ටිකක් බය උනා.

" අයි වෝන්ට් ටු ගෝ වැසිකිලි. එස්කූස් පීස්මී "

චොර වෙන්න බැරි නිසා මම දන්න ඉංග්‍රීසියෙන් ඒම කියලා එලියට ඇවිත් හෙමීට දොර ගාවට වෙලා උන් දෙන්නා කතාවෙන එක අහන් හිටියා.

නට්ලූස්පුරේWhere stories live. Discover now