දාහතර වෙනි දිගහැරුම .......

3.3K 559 148
                                    

Beach boy ....... 🌀🌀🌀

යීබෝ අවදිවූයේ තදබල කුසගින්නක් දැනුනු නිසාවෙනි ... ඒත් සමගම අතේ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තේය...හෙමින් ඇඳෙන් නැගිට මුළුතැන්ගෙට ගොස් පෙරදා රාත්‍රියේ ශීතකරණයට දැමූ ආහාර හෙමින් එළියට ගත්තේය ... ඒ වන විට සවස තුනත් පසු වී තිබුණි .. කෑම එකෙන් එක ලිප මත තබා හෙමින් රත් කරගත්තේය ....
අතේ වේදනාවට ඔහුට ඇඟට උණ ගතියකුත් දැනෙන්නට විය... රෝහලෙන් ලබාදුන් ඖෂධ ලබා ගත් යීබෝ යළිත් ඇඳ මතට වී දෑස් පියා ගත්තේ ය ....කැපුම් පහර ගැඹුරට ඇති නිසා එය වේදනාකාරී විය... තිබුනු උණ ගතියටම යීබෝට යලිත් නින්ද ගියේය ...

ජාන්ගේ බෝට්ටුව වැල්ලට එන විට සවස 4 පමණ වී තිබුණි .. වැල්ලෙන් බැස රැගෙන ආ මාලු ඉන් පිටතට ගනිමින් සිටින විටදී මාළු වෙළෙන්දෙක් ඒ අසලට ආවේය ...

" අද මාර සීන් එක උනේ ජාන් මල්ලි .. "

ඔරු කන්දකට පිට දෙමින් ඔහු කතාව පටන් ගත්තේය .

" ඇයි අද උදෙත් මරා ගත්තා ද "

ජාන් එතරම් ගනනකට නොගෙන ඇසුවේය ...

" මයික්ගේ එවුන් වැල්ලට බැස්ස නේ .. අන්තිමට අර අලුත් එස් අයි මහත්තයාගේ අතත් කැපුනා... මැහුම් දැම්මා කියලා තමා කියන්නේ .."

ජාන් කරමින් සිටි වැඩේ නවතා ඒ මිනිසා අසලට ගියේය ... බෝට්ටුවතුල සිටි බින් සහ කුවාන් ඉන් බිමට පැන්නේ ඊළඟ හරිය හොඳින් දන්නා නිසාවෙනි ..

",si මහත්තයට මොකක්ද වුණා කිව්වේ ..."

ජාන් සැකයට යළිත් ඇසුවේය ..

" මයික්ගේ එකෙක්ගේ පිහියකින් අත කැපිලා ..මැහුම් දාලා කියලා තමා කියන්නේ ..."

",දැන් මයික්ගේ උන් කොහෙද . "

ජාන් යලිත් ඇසුවේය . ..

" උන් ඇතුලේ.. "

" උගෙ අ#$%&*%%$$%#% බින් ඔය ටික බලපං .. ආ... හ්.... මගුල... "

ජාන් යීබෝගෙ නිවස දෙසට මුලින්ම ගියේය...ගියා නොව ඔහු දිව්වේය... රෑන්ග් ට සහ කුවාන් හට තව දෙදෙනෙකු සමග මාලු ටික බාන්නට පවරා බින්ද ඔහු පසුපස ගියේ ජාන්ගේ කේන්තියෙ තරම ඔවුන් දන්නා නිසවෙනි ...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now