විසි එක්වන දිගහැරුම ........

3K 541 101
                                    

Beach boy.......🌀🌀🌀🌀

දවසක් හැර දවසක් ජාන්ගේ මුහුදු ගමන හා දිනපතා යීබෝගෙ රැකියාව සමගින් තවත් දින කිහිපයක් ගතවිය... අද යීබෝගෙ පළවෙනි රැකියාවේ පළවෙනි වැටුපයි.... ඔහුට එය ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි..... වැටුප ගිණුමට බැරවී අතට ලැබුනු පේෂීට් එක දෙස යීබෝ මදවෙලාවක් බලා සිටියේය ... මව සහ මල්ලී බැලීමට බෙයිජිං යා යුතුමය.. ඔවුන් දෙදෙනාට සිටින්නේත් යීබෝ පමණි ... දුර ගමන් යනු යීබෝ අකමැතිම දෙයකි... නමුත් යා යුතුමය..පැය අටක් නවයක් යනු සෙල්ලම් නැත.....

එදා සිදුවීමෙන් දින තුනකට පසු ජාන් යලිත් ට්‍රෝලර් ගොස් අද එන දිනයයි... ඔහු අද එනවිට තරමක් රාත්‍රිය වේයැයි පවසා තිබුනි..යීබෝ සවස වැඩ අවසන්ව මුලින්ම මාර්කට් එකට ගියේ ජාන් වෙනුවෙන් මොනවා හෝ ලබාදිය යුතු නිසාවෙනි ... රාක්ක අතර ඇවිද ගියත් ඔහුව සතුටු කරන්නට යමක් යීබෝට සොයාගත නොහැකිවිය ... ඇත්තෙන්ම ජාන් ව සතුටු කරන්නට භෞතික සම්පත් වලින් නොහැකි බව යීබෝ දන්නේය ... ඔහු බලාපොරොත්තු වන්නේ ආදරයම පමණි ... මාර්කට් එකෙන් කුඩා කේක් එකක් සහ බීම බෝතල් කිහිපයක් මිලදී ගත් යීබෝ මදක් එහායින් ඇති නගරයට සෙමින් ඇවිද ගියේ ජාන් වෙනුවෙන් යමක් මිලදී ගන්නටයි...

ශොප් එකකට ගොඩවී ඔහු ජාන්ට අලුත් රෝස පැහැති කමිසයක් සහ පාවහන් යුගලක් මිලදී ගත්තෙය ... පසුව ඉක්මනින් නිවස බලා ගියේ ජාන් කොයි මොහොතේ ඒවිදැයි නොදන්නා නිසාවෙනි .. තව දින දෙකකින් පමණ බෙයිජිං යා යුතු ය..

රාත්‍රී හත පසුවන විටම ජාන් ආවේය ... යීබෝ රාත්‍රී ආහාර පිළියෙල කරමින් සිටියේය ... මුලුතැන්ගෙයට ඔලුව දමා...

" චූටි මැණික .... නාලම එන්නම්..."

කියමින් ඔහු කාමරයට ගියේය ... ඒ ඔහුගේ හැටියකි... ඔහු අපිරිසිදු නම් යීබෝට ලංවෙන්නේවත් නැත... යීබෝ ඉක්මනින් තේ එකක් සාදා ගෙනා කේක් එකත් කපා කුඩා මේසය මත තැබුවේය ...

" මේ කේක් කොහෙන්ද..."

මේසය මත වාඩිවූ සැනින් ජාන් ඇසුවේය ...

"මං ගෙනාවා..."

යීබෝ එසේ කියාගෙනම සාලයට ගොස් ජාන් වෙනුවෙන් මිලදී ගත් දෑ රැගෙන ඒවා ජාන් ඉදිරියේ තැබුවේය ...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now