තිස් හත්වෙනි දිගහැරුම .....

2.4K 488 200
                                    

Beach boy .....🌀🌀🌀🌀

දවස් තුනක් පමණ ගෙවී යනවිට ඉතින් සුපුරුදු ජාන් යලිත් වැල්ලට කියාගෙන ජාන් ඔහුගේ සාමාන්‍ය රාජකාරි ආරම්භ කලත් තවමත් මුහුදු යන්නටනම් ඔහුගේ චූටි මැණිකගෙන් අවසර ලැබුනේ නැත... යීබෝ මේ දිනවල රාජකාරි සමඟ තරමක් කාර්‍ය බහුල වී සිටියේය ...

එදින සවස ජාන් යීබෝ සමඟින් මාර්කට් එකට ගියේ නිවසට අවශ්‍ය දේවල් කිහිපයක් මිලදී ගැනීමටයි... ෂූයී මෙන්න යැංසිද එහි සිටින බව ඈත තියාම ජාන් දුටුවේය ...

" කතාවට ආවොත් මගාරින්න ඕනෙ තේරුනාද චූටි මැණික ..."

ජාන් යීබෝට පමණක් ඇසෙන්නට කීවේය ... යීබෝ සිනාසුනා පමණි ...රාක්ක අතරට ගොස් යීබෝ එළවළු තෝරන්නට පටන් ගත්තේ ඔහු නිවසට අත්‍යාවශ්‍ය දේවල් ගත්තත් ජාන් ගන්නේ බීම, චිප්ස් , කේක් , නූඩ්ල්ස් වැනි දේවල් බව දන්නා නිසාය..

" සර්.... මේවා අද දවල් ආපු ෆ්‍රෙෂ් එළවලු ...".

යීබෝට මදක් එහායින් ඇති තක්කාලි සහ ගෝවා දෙසට අත දිගුකරමින් යැංසි කීවේය .. ඇය මෙතනට කුමකට ආවේදැයි යීබෝ සිතුවේ ඔහුගේ විනාකිරි බෝතලය මෙය දකීදෝ සැකෙන් වටපිට බලමිනි...සිතුවා වාගේම දුම්මල වරම අතට අරගෙනම ජාන් ඈතින් එනු යීබෝ දුටුවේය ..

" ආ..... සර් ෆ්‍රෙෂ් එළවලු හොදට අදුනනවා...උඹ මේ පරණ එව්වා ඇඟේ ගහන්න හැදුවට..."

ජාන් එසේ කියාගෙන යැංසි සහ යීබෝ මැදින් හිටගත්තේය ...

" සර් යන යන තැන මේ ජාන් අයියා ඉන්නවා.... කතාකරන්න වත් දෙන්නෑනේ..."

යැංසි නෝක්කඩු ස්වරයෙන් යීබෝ දෙස බලමින් කීවේය ... දෙදෙනාට ඕන කුදයක් ගහගන්න කියමින් යීබෝ ඔහුගේ පාඩුවේ එළවළු තෝරමින් සිටී...

" ඔව් ඉතින් උඹට මොකද ... මං සර් යන යන තැන ඉන්නවා තමයි ... ඒ හිංදා උඹ පරිස්සමෙන් හිටපං...."

ජාන් වෙනදාමෙන් මහා හඩින් නැතත් අවවාදාත්මක ස්වරයෙන් කීවේය ....යැංසි ඉක්මනින්ම එතැනින් ලිස්සා ගියේය....

" එනවා මෙතන සර්ට ෆ්‍රෙෂ් බඩු පෙන්නන්න.... "

ජාන් එසේ කියමින් යීබෝ අසලට ගියේය ...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now