විසි අටවෙනි දිගහැරුම ...

2.7K 518 125
                                    

Beach boy ......🌀🌀🌀🌀

First i wish you'r happy birthday zhan ...🎈🎈🎈

🌞🌞🌞🌞🌞

බින්හායි වැල්ලට අද හිරු උදාවූයේ නම් සතුටකින් නොවේය...පාන්දර පහට පමණ පටන්ගත් වර්ෂාව තවමත් අවසන්වී නැත.... එක්වරම කාමරයේ ජනේලය අසලින් පිපිරූ අකුණක් නිසවෙන් යීබෝ අවදිවිය... එවිට උදෑසන හයත් පසුවී තිබෙන්නට ඇත.... යීබෝ වර්ෂාවේ ශබ්දයට ඇහුම්කන් දුන්නේ වේදනාවෙන් පිරි හදවතිනි... ඔවුන් යනකොට මේ වර්ෂාවේ සේයාවක් වත් තිබුනේ නැත... ඒත් පාන්දර සිට නා කපන වැස්සකි...

" අනේ මගෙ ඩැඩීටයි අනිත් හැම කෙනාටමයි කිසිම කරදරයක් වෙන්න එපා...."

යීබෝ දෙනෙත් වලින් කදුලු කඩා වැටෙද්දී ප්‍රාර්ථනා කලේය... අපහසුවෙන් උවත් හිත හදාගෙන යීබෝ වැඩට යන්නට සූදානම් විය... බබූට කෑම ටිකක් ද දැම්මේය තද වර්ෂාව නිසා බබූ තටුත් අකුලාගෙන නිදිය...

" ඩැඩී වැස්සෙම ගියානෙ බබූ... මට බයයි..."

බබූ නින්දෙන් අවදිවී යීබෝ දෙස බලා සිටියේය ... යීබෝගෙ කදුලු බබූ තේරුම් ගත් නිසාදෝ ඔහු  කෑගසන්නේ නැත....

යීබෝ කාමරයේ තිබුනු විශාල කුඩය අතට ගත්තේය ... එය මීට සති දෙකකට ඉහතදී ජාන් යීබෝට ගෙනැවිත් දුන්නේ හදිසියේ වැස්සොත් ටිකක් වත් නොතෙමී යන්නට කියාය..

" ඔන්න චූටි මැණික වැස්සොත් යුනිෆෝම් එක තෙමෙන්නෙ නෑ මේ තඩි කුඩේට..."

ජාන් එසේ කියමින් අලුත්ම කුඩය යීබෝ අතට දුන් අයුරු ඔහුට සිහිවිය...

' ඔයා මට හැමදේම කරනවා.. ඒත් ඔයා මේ වැස්සෙ තෙමෙනවා ඇති ඩැඩී....'

යීබෝ වැස්ස මැදින් මදක්වත් නොතෙමී පාරදිගේ යන අතරම සිතුවේය .. කඳුලු අලුත්වෙන්නට ආවත් ඔහු ඒවා වලක්වා ගත්තේය ...

⏰⏰⏰⏰

වැස්ස නිසා කොහොමත් දවසම මූසලවිය... නවතින්නේ නැති වැස්සත් සමඟ යීබෝ සිටින්නේ පුදුමාකාර තරහකිනි...

" අද සර් අමුතුයි  .   අසනීපයක් වත්ද.  "

කොස්තාපල් හී ෆෙයි කිහිපවතාවක් ම යීබෝගෙන් ඇසුවේය ..

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now