විසිහත්වෙනි දිගහැරුම ....

2.7K 511 150
                                    

Beach boy .......🌀🌀🌀

බින් ජාන්ගේ මුහුණ දෙස වත් නොබලා එසේ ඇසුවේය ... අනෙක් කාරණාව නම් බබූට බින්ගේ ගෙදරත් නිපුරුදු තැනක් නොවීමයි... යීබෝ එන්නට කලින් ට්‍රෝලර් යනවිට බබූ ඉන්නෙ බින්ගෙ මව සමගිනි...

" චූටි මැණික දෙන්නෙ නැතිවෙයි බිනා.... එයා බබුවට හරි ආදරෙයි....."

ජාන් ඇඟට පතට නොදැනීම කීවේය ..

" හරි ... හරි.... මං නිකමට ඇහුවෙ...."

" ඔය කඩප්පුලි කට තමයි ඉතින් අවුල... "

ජාන් මනමාල හිනාවක් සමඟින් කීවේ වැල්ල දෙසට නෙත් යොමාගෙනයි..... තවමත් හිටි ටිකින් ටික රැස් විහිදයි... වෙනදාට හිරුට පෙර ජාන් වැල්ලට එයි... ඉතින් චූටි මැණික නිසා දැන් ජාන්ට හිරුට පරදින්නට වී ඇත... වෙනදාට හැමදාමත් ජාන් හරි ලස්සනට හිරු එකින් එක රැස් මුදාහරින දෙස බලා සිටින්නට ආසා කලෙය...  ඒත් ජාන් දැන් ඊටත් වඩා යීබෝගෙ මුහුණ දෙස බලා ඉන්නට ආසා කරයි... හැමදාමත් අවදිවන විට පපුව උඩ තියෙන ඒ සුන්දර උවන ජාන්ට ජීවිතේ පිළිබඳව ලොකූ බලාපොරොත්තුවක් මෙන්ම ලොකූ වඟකීමක්ද ඇතිකරයි...

යීබෝත් නිතරම කියන්නාක් මෙන් තමන් ඉක්මනින් ස්ථාවර උවහොත් යීබෝට ඔය අවදානම් රැකියාවෙන් ඉවත්විය හැකිය.. සමහර විට ඔහු එයාට අකමැති වෙන්නට ඉඩ ඇත... නමුත් සියල්ලට ප්‍රථම ස්ථාවර විය යුතුයැයි ජාන් නැග එන හිරු දෙස බලාගෙන සිතුවේය...

" ජාන් අයියා ... කාලෙකින් ලොකු පාටියක් වත් දැම්මෙ නෑ නේද..."

වැල්ලේ කොල්ලෙක් ගේ හඩින් ජාන් කල්පනා ලෝකයෙන් මිදුනේය..

" පස්සෙ හිමීට බලමුකො කොල්ලො..."

ජාන් ඔහුගේ පිටට තට්ටුවක් දාගෙනම එතැනින් ඉවත්විය... උන්ට නිකන් බොන්න අරං දෙන්න තරම් දැන් ජාන් මෝඩ නැත... එකටම වැටී බෝට්ටු යන හත් අට දෙනාට හැරෙන්නට අනවශ්‍ය ලෙස බොන්නට වියදම් කිරීම නතර කරන්නට ජාන් තීරණය කලේය..

**********

දින කිහිපයක නිවාඩුවට පසුව යීබෝ අද රාජකාරි සඳහා වාර්ථා කලෙය...

" ඉතින් සර්... කොහොමද ගෙවල් පැත්තෙ තොරතුරු"

කොස්තාපල් හී ෆෙයි සුපුරුදු ලෙංගතුකමින් ඇසුවේය ...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now