තිස්වෙනි දිගහැරුම ........

2.8K 508 209
                                    

Beach boy .........🌀🌀🌀🌀

🌞🌞🌞🌞🌞🌞

ජාන් පුරුදු ලෙසින් හතරහමාරට අවදිවිය... මුහුදු නොගියාට අනිවාර්යයෙන් පහටවත් වැල්ලට යා යුතුය... පාන්දර වනවිට වැල්ලට සේන්දුවන ජාන්ගේ බෝට්ටු කීපයක්ම ඇත.... ඉතින් උදේ එතැන සිටිය යුතුය... යීබෝ ජාන්ගේ පපුව මත සුවනින්දේය .... ජාන් සෑහෙන වෙලාවක් ඒ දෙස බලා සිටියේය .... මුලු ලෝකයේම ඇති සැනසුම ජාන්ගේ පපුව උඩ ඇතිබව ඔහුට සිතුනි....

" මගෙ පණ.... මගෙ රෝස මල.... මගෙ චූටි මැණික ...."

ජාන් සෙමින් යීබෝගෙ නලල සිඹ ඔහුව පපුවෙන් ඈත්කලේය.... සෙමින් ඇදෙන් බැස ඔහු අසලින් කොට්ටයක් තබා යීබෝව බ්ලැන්කට් එකෙන් හොදින් ආවරණය කර නානකාමරයට ගියේය .. ශබ්ද නොනැගෙන සේ සූදානම් වී දොරත් වසාගෙන ජාන් වැල්ලට ගියේය...

ජාන්ගේ උණුසුමෙන් මිදෙන විටම හැමදාමත් යීබෝ අවදිවෙයි... නමුත් දෑස් පියාගෙනම සිටී... ඔහු කිසිම ශබ්දයක් නැතිව ඇදෙන් බසින අයුරු ... හෙමින් හෙමින් අඩිය තබමින් වොෂ්‍ රූම් යන අයුරු .... අල්මාරිය හඩ නොනැගෙන සේ හැර ඇදුම් ගන්නා අයුරු.... දොරත් වසාගෙන පිටව යන අයුරු යීබෝ දෑස් පියාගෙන අසා සිටින්නේ ජාන් කෙරෙහි හදවතෙහි තව තවත් මෝදුවන ආදරයට එහා ගිය සෙනෙහසකින්... තත්ත්වය තරාතිරම නොව හදවතට දැනෙන ආදරයක් තමන්ට ලැබී ඇතිබව යීබෝ සිතුවේය ... ජාන් යලිත් හයයි තිහට ඇවිත් යීබෝව අවදිකරන බව දන්නා නිසාම ඔහු යලිත් දෑස් පියාගෙන සුව නින්දක් ලැබුවේය ....

🌀

යීබෝ වැල්ලට ආවේ හී ෆෙයි සහ රියැදුරු සමගිනි... එනවායැයි කියූ සිවිල් පොලිස් නිලධාරියා ඇවිත් සිටියේය... ඔහු යීබෝට කිසිවෙකුට නොපෙනෙන ලෙස සන් කලේය.. යීබෝ ඔලුව පමණක් වනා ඉවත බලාගත්තේය . තැන තැන යමින් ඔහු කිහිපදෙනක් සමඟ කතාකරන අයුරු  යීබෝ විටින් විට දුටුවේය ...

" අලුත් සර් ..... ඉතින් කොහොමද ..."

යීබෝ මාලු මිලදී ගන්නා ස්ථානය අසල සිටගෙන ඒ දෙස බලාගෙන සිටින විට කිසිදිනක දැක නැති පුද්ගලයෙක් ඔහු අසලට ඇවිත් කතාකලේය... පෙනුමෙන් නම් සාමාන්‍ය පුද්ගලයෙක් නොව එක්කෝ මැරයෙකි නැතිනම් බේබද්දෙකි...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now