22. headache (❤️)

139 35 20
                                    

"අනේ මගේ පලවෙනි competition එකටම යන්න බැරි වෙයිද???"

"මම ඔයාව අනිවාරෙන් එක්කන්‍ යනවා ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්නකො"

"හරි..."

මම ඉක්මනට ගිහින් ෆොන් එක charge වෙන්න තියෙලා ලැස්ති වුනා. කැම්පස් uniform එක පලවෙනි වතාවට ඇන්දා ඒක හරිම ලස්සනයි. මම මගේ අමතර ඇදුම් ටිකත් දාගෙන එලියට ආවාහම එරිකුත් ලැස්ති වෙලා හිටියා. එයාව uniform එකට තවත් හැන්ඩ්සම් විදිහට පෙනුනා.

"තාත්තට කතා කලාද???"

"හම්....හොද බැනුමක් අහගෙන ඉන්නෙ. මම නේ sport කරන අයගෙන් ඉන්නෙ ඉතින් මම නැතුව ඉන්න ලමයි හොයාගෙන තියෙන්නෙ ගොඩක් අමාරුවෙන්"

"දැන් අපි-"

"ඔයා uniform එකට ලස්සනයි"
එයා මගේ වචන හරස් කරන ගමන් කිව්ව දේට මාව රතු වුනා.

"ආ....ම්ම්...ඔයත්"
මම ගොත ගගහා කිව්වා.

එයා කට කොනකින් ආව හිනාව අතකින් වහ ගත්තා.

"මොකද හිනා වෙන්නෙ ආහ්??"

"නෑ නෑ.."
එයා හිනාව නවත්ත ගත්තා.

"කියන්නකො ඉතින්"

"මගේ බයික් එකේ තමයි යන්න වෙන්නෙ. මම තැන දන්නවා. පැය ගානක් බයික් එකේ යන්න කැමති නේ??"

" ඕන විදිහකට යන්න විතරයි ඕනේ"

____________

අපි පැය 3ක් විතර එක දිගට බයික් එකේ ආවා. ඒ අතර මග දෙපාරක් කන්නත් නැවැත්තුවා. අපි දෙන්නා අතරේ වැඩි කතා බහක් වුනේ නෑ. එරික් හැම තිස්සෙම මන් දිහා බැලුවේ "අනේ මන්දා ඔයා මොනවා හිතනවද" කියන හැගීමෙන්.

අන්තිමට අපි එතනට ආවා.

"රියා අපි ඇතුලට යමු. අද පලවෙනි දවස නිසා සම්මන්ත්‍රණ නැහැ. අපිට අද තියෙන්නෙ විනෝද වෙන්න. ඒ නිසා අපි නැති අඩුව ගොඩක් දැනෙන්නෙ නැතුව ඇති."

"හම්ම්"
මොනා වුනත් අපි දෙන්නා අපි දෙන්නා දිහා බලාගත්තේ අද නම් කන පැලෙන්න අහගන්න වෙනවා කියන හැගීමෙන්.

අපි ඇතුලට ගියහම තාත්තා ඉස්සරහ හිටගෙන අපි දිහා ඔරවගෙන ඉන්නවා දැක්කා.

Riyana: A Magician's story (On a Edition)Where stories live. Discover now