24. secrets

134 33 14
                                    

@morning

කවුරු හරි බෙල් කරන සද්දෙට මම දූවලා බාතෲම් එක අස්සට ගිහින් දත් බුරුසුවත් කටේ දගෙන කවුද අවෙ බලන්න ඉස්සරහට ගියා

"සුබ උදෑසනක් කුමරියනී...තොරතුරු-"

"කුමරියනී!!"
මම දත් මැද මැද අමාරුවෙන් කියා ගත්තා

"අහ් මේ....මේ අපේ අක්කා"
මාව දැකලා සුදු මැලි වුන ලියා ටිකක් එහාට ගිහින් මට වමාලියව පෙන්න සැලැස්සුවා.

"අහ් මට..මට රියා ඉන්නවා කියලා අමතක වුනා. මෙ මම අවේ...අද ඔයාලට performance එකක් කරන්න තියෙනවා කියන්න එච්චරම දෙයක් නෑ එත් ටිකක් ප්‍රැක්ටිස් කරන්න වෙයි."

"අලුතින් හදන්න ඔනෙද නැත්තම්??"

"නැ..නැ ඔයාලා දෙන්න අන්තිමට කරපු solo dance දෙක mix කරලා හදන්න එක අවුලක් නෑ"

"ආ..හා"

"ඔයාලා හොදටම පරක්කුයි. ඉක්මන් කරලා පල්ලෙහාට යන්න තව අය ඉන්නවා මම එක්කන් එන්නම්."

"හරි.."
වමාලියා ගියාට පස්සෙ ලියා මගෙ මූන දිහාවත් බලන්නෙ නැතුව ඇතුලට ගියෙ වැරැද්දක් කරලා අහුවෙයි කියන බයෙන් ඉන්න කෙනෙක් වගේ.

"අපිට ප්‍රැක්ටිස් කරන්න වෙයි නේ??"

"එක නෙමෙ අර වමාලියා ඔයට ඇයි කුමරි-"

"රියා දත් මැදලා ඇවිල්ලා කතා කරනවද මට පෙන්න බෑ ඔයාගෙ ඔය පිලිවෙලක් නැති වැඩ"

"හහ්!! හරි හරි"
එයා කිව්ව දේට ටිකක් ලැජ්ජ හිතුන නිසා වැඩි කතාවක් නැතුව මම ඇතුලට ගියා.

ටික වෙලාවකින් අපි දෙන්නම ලෑස්ති වෙලා පල්ලෙහාට ගියේ වෙලාවට ගියේ නැත්තම් බැනුම් අහන්න වෙන බයට.

"රිච් ( රිච් යනු රිචඩ්ය කැම්පස් එකේ සාමාන්‍ය ලමයෙකි) මෙ අද ඔයාලටත් මොනාහරි කරන්න කියලා සීන් එකක් කිව්ව්ද??"
ලියයි මායි අනිත් ඔක්කොමලා වාඩි වෙලා ඉන්න මේසෙන් වාඩි වෙන ගමන් ඇහුවා.

"ඔව් අනෙ අද උදේ කිව්වෙ. එක තරගයක් නෙමෙයි නිකන් performance එකක් විතරයි..එයි රියා මොන ලෝකෙද ඉන්නෙ??"

"ආ..??"

" කොහෙද බලන් ඉන්නෙ??"
එරික් ගැන මම හිටපු කල්පනාවෙන් මිදෙන්න මට ටිකක් වෙලා ගියා.

Riyana: A Magician's story (On a Edition)Where stories live. Discover now