37.Back to present

96 18 9
                                    

(ඊලග මොහොතෙම ඒ මකරු එයාලගේ බලයන් වල විදිහට අතුරුදහන් වෙලා ගියා)

🥀ලියා දැන් අපි මොකද කරන්නෙ??

☄️අවුලක් ගන්න එපා දැන් අපි දන්නවනේ හරියටම මෙතන මොකක්ද වෙන්නෙ කියලා. අපි ගිහින් ආයිත් හොකාගේව හම්බ වෙමු.

🥀හරි එහෙනම්.

හාර්ඩන්- ඔයාලා යනවා නම් අපි මොකද කරන්නෙ??

☄️හාර්ඩන්... ඔයා දැන් ටවර් කැප්ටන් කෙනෙක් නේ. එක දැනටමත් හැම ටවර් එකටම ගිහින් ඇති. එයාලා ඔයාව විස්වාස කරයි. සූදානම් වෙන්න යුද්ධෙකට...සූදානම් කරන්න යුද්දෙකට...හැම කෙනාවම.

හාර්ඩන්- හරි...මේක නම් මට ටිකක් පුරුදු නෑ වගේ.

🥀මටත්!!!

වයලට්- කෝලන් නැතුව අපි ඉක්මන් කරමු නේද??

(හාර්ඩන්, වයලට්, සේලි ,රේලි ඔක්කොමලා හරිතාගාරෙන් එලියට ගියා. මමත් ලියාව ඇදන් යන්න හදද්දි..)

☄️ඇයි අනේ පයින් ඇවිදන් යන්න හදන්නෙ??

🥀මොනාද කියන්නෙ?? ටවර් එකක් ඇතුලේ එහා මෙහා යන්න යතුර පාවිච්චි කරන්න බෑ නේ??

☄️අයියෝ අයියෝ... මොනාද රියානා සිබ්ලින්!! ගැම්මෙන් ඉන්නකෝ අප්පා...අපි දැන් ටවර් කැප්ටන්ලා.
What do you want to do???
You can do everything you want😉

ගාරා යක්ෂ ටවර් එකට!!!

(එයා මට ඇහැක් ගහලා එක පාරට පුරුදු විදිහටම කෑ ගැහුවා කුහරය කකුල් දෙක ගාවම මැවුන නිසා අපි දෙන්නව ලිස්සලා ගියා කිව්වොත් හරි. ඒත් දැන් පුරුදු නිසා ගැම්මෙන් හිටගන්න පුලුවන් 😌)

☄️ දැන් මොකද කරන්නේ???

🥀මහ ලොකු දෙවල් කියලා පැන්නානෙ දැන් යන එකයි ඇත්තේ

(මම නොන්ඩියට වගෙ හිනා වුණා)

☄️යනවා තමයි ඇයි මොකො

( හිනා වෙවී ගිහින් ඉස්සරහට හම්බවෙච්ච දොර ඇරියා විතරයි ලේ පෙරාගෙන කවුද මිනිහෙක් ඇවිල්ලා ලියාගේ ඇගේ එල්ලුනා)

කවුද මේ කතා කරන්නකො??

🥀ලියා!!!!!! මේ හොකාගෙ...?

☄️ මොකා??? තාත්තා!!! තාත්තෙ... ඇයි??? ඇයි මෙ මොකක්ද වුණේ ?? කවුද ඔයාට මෙහෙම කලේ??? ඇයි මෙ ලේ??

Riyana: A Magician's story (On a Edition)Where stories live. Discover now