part 1 🎀🖊

621 162 79
                                    

ආදරණීය දිනපොත..
2020.01.20.
අදත් ඉතින් වෙනදා වගේම තමයි. ඔම්මගෙ අසනීපය එන්න එන්න වැඩි වෙද්දි මටයි ඔන්නිටයි කිසි දෙයක් කරගන්න බැරි වුනා. සල්ලි ණයට දෙන මනුස්සයෙක්වත් අපිට සල්ලි දෙන්නැත්තෙ අපිට තරම් සල්ලි ගොඩක් ගෙවාගන්න බැරි නිසා වෙන්න ඇති. ඒත් ඔම්මට වකුගඩුවක් නැතුව එයා කොහොමද ජීවත් වෙන්නෙ. මේ සේරම අප්පා නිසා. එයා වෙන ගෑනු පස්සෙ ගියා මිසක් මටවත් ඔන්නිටවත් ඔම්මටවත් දෙයක් කළෙ නෑනෙ. හැමදාම coffee shop ගානෙ වැඩකරලා මම කවදාවෙනකන් ඔම්මට මෙහෙම ඉන්න දෙන්නද. ඉගෙන ගෙන තිබ්බත් කොහෙන්වත් මට රස්සාවක් දෙන්නෙ නැත්තෙ මගෙ දුප්පත්කම නිසාද... ඔම්මා වෙනුවට මට ඇඳක් උඩ ඉන්න තිබ්බනම්... මට මේ ලෝකෙන් ඉක්මනටයන්න ඕනි. මම ජීවත් වෙන එකටත් වෛර කරනවා."
🖊🖊🖊🖊🖊🖊🖊🖊


  Park aahii.. තමන්ගෙ ඔම්මගෙ ලෙඩෙ නිසා දවල් රෑ නොබලා මහන්සි වෙන කෙල්ලෙක්. තමන්ගෙ ඔන්නි එක්ක පුලුපුලුවන් විදියට ජීවිතෙ ගෙනියන කෙල්ලෙක්. ගෙදර එද්දිත් පාන්දර දෙකත් පහුවෙලා නිසා සුපුරුදු විදියට දිනපොතත් ලියලා බිම දාලා තියෙන මෙට්ටෙ තමන්ගෙ ඔන්නිට එහා පැත්තෙන් ආහි හාන්සි වුනෙ ඇඟට දැනෙන මහන්සිය වැඩි නිසාමයි..

දවසක හරියයි කියලා හිතාගෙන වයස 25ක් වුනත් පුදුම හයියකින් මේ කෙල්ල වැඩ කළා. දවසට හම්බෙන සොච්චමෙන් ගෙදරට කෑම ගෙනල්ලා ඉතුරු වෙන එකක් කැටේට දැම්මෙ මාසෙ අන්තිමේට ඔම්මගෙ හොස්පිටල් බිල ගෙවන්න. ඔන්නි ලිපිකාරිනියක් විදියට වැඩකලත් ඒ කෙල්ලටත් ලැබුනෙ බොහොම සුලුගානක්. කෙල්ලො දෙන්නෙක් මේ විදියට මහන්සි වෙන එක හරි පුදුමයි නේද???

 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now