Part 2 🖊🎀

503 164 44
                                    

2020. 02. 02..
ආදරණීය දින පොත.. හෙටින් මම මගෙ ජීවිතයෙ අලුත් පිටුවක් පෙරලනවා. ඔන්නිගෙ වෙඩින් එකෙ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න ආස කරපු මම හෙට ඔන්නිට කලින් මගෙ වෙඩින් එක ගන්නවා.. ඉතින්...
හිතට හුඟක් අමාරුයි.. හුඟාරියක්.. ඒත් හිතෙ කොනකින් මම සතුටු වෙන්නෙ මගෙ ඔම්මා ආයෙත් සනීප වුන නිසා. තවම හොඳටම සනීපයක් නැතත් ඉක්මනින් ඔම්මා සනීප වෙයි. හෙට කව්ද බඳින්නෙ තියා මගෙ වෙඩින් ඩ්‍රෙස් එකවත් මම දැකලා නෑ. මම දන්නෙ මගෙ වෙඩින් එක තියෙන්නෙ කොරියාවෙ හොඳම හොටෙල් එකක කියලා විතරයි.ඉතින් මම හිත හදාගත්තා. වෙන මොකටවත් නෙවෙයි. සදාකාලිකව නාදුනන මිනිහෙක් එක්ක ජීවිතය ගෙවන්න..
🖊🖊🖊🖊🖊🖊🖊🖊









Author pov ..

Flashback ...

" මොකද මිනිහො එන්න කිව්වෙ.. හිඹුට්ටව ඇඳ යට දාලා ආවෙ. මයෙ බලු කුක්කා එයාගෙ ඉතුරු පෙඳි ටිකත් ගලවලා දාලා තිබ්බොත් උඹෙ ඩිම්පල් දෙකෙ වතුර පුරවනවා නම්ජුනෝ මං ..."

ජින් තමන්ගෙ සුපුරුදු වචන වැල කියාගෙන ගියෙ නම්ජුන් ඉන්නෙ මූණ එල්ලන් කියලවත් ගානක් නැතුව...

" අනෙ හ්‍යොං.. ඇති.. ඉඳගන්නවකො.."

නම්ජුන් කිව්වෙ පැත්තක තිබුන බියර් වීදුරුවක් හිස් කරනගමන්..

" වේහ්.. නම්ජුනා.. මූණට මොකද වුනෙ උඹෙ.. හැටි බලපංකො.."

" සම්චොන් මාව බන්දන්න යන්නෙ හ්‍යොං"

තමන්ගෙ අතෙ තිබුන හිස් බියර් වීදුරුව නම්ජුන් පොලවෙ ගැහුවෙ තමන්ගෙ හිත බිඳෙන්න පුලුවන් උපරිමේට බිඳිලා තිබ්බ නිසා. කොල්ලා දුක් වුනා තමන්ගෙ ජීවිතෙ ගැන තමන්ටවත් තීරණයක් ගන්න අයිතියක් නෑ කියලා..

 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now