5 🎀🖊

537 167 56
                                    

ආදරණීය දිනපොත..
දවස් හරි ඉක්මනට ගෙවිලා යද්දි ජීහු සම්චොන් මටත් නම්ජූන්ශිටත් ඩිවෝස් වෙන්න නොදුන්නෙ ඇයිද කියන එක අදටත් මට ප්‍රශ්නයක් . එයා මගෙ දිහා බලන් ඉන්නෙ හරි ආදරෙන්. මටවත් ඔන්නිටවත් කිසිම අඩුපාඩුවක් වෙන්න නොදී ආදරෙන් අපිව බලාගන්නවා.. මාස හයක්ම ගිහින්. අද අපෙ 6 month wedding anniversary එක.. ඒත් ආදරයක්වත් යාලුකමක්වත් නැති අපෙ බැඳීමට මොන විවාහා සංවත්සරද? එදා ඉදන් නම්ජුන්ශි මට උදව් කලා මට සනීප වෙන්න.. ඒත් අද වෙනකන් එයා මගෙ මූණ දිහා හිනා වෙලා බැලුවෙ නෑ. එයා දැන් කොහොමත් මං ලග නෑ. එයා දැන් පයිලට් කෙනෙක්. වගේම ජින් ඔප්පත්... හිඹුට්ටව මගෙ ලග තියලා එයා නම්ජුන්ශි එක්කම යන්න ගියා.. හෙට එයාලා එනකන් මට ඉවසිල්ලක් නෑ.. නම්ජුන්ශි වෙනුවෙන් හිතෙ කොනකින් නුහුරු හැඟීමක් මගෙ හිතෙ මෝදු වෙන්නෙ මටත් නොදැනීමයි.. ඉතින් හැඟීම මගෙ දිනපොත ඇතුලෙම තිබුනාවෙ.. මගෙ දිනපොත.. මගෙ හොඳම යාලුවා...

ආහි....

Ahee pov...

ඩයරියත් පැත්තක තියලා මාස හයක් තිස්සෙ තාමත් ඇඟට දැනෙන අඩුවක් නැති තෙහෙට්ටුව නිසාම මම ඇඳට ගිහින් ඇස් පියාගත්තෙ මට හාන්සි වුනාම දැනෙන සුවපහසුව තරම් සනීපයක් තවත්නම් නැති නිසයි..
ඒත් මම සතුටින්.. මගෙ හිතෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔන්නි , ඔම්මා හොඳින් ජීවත් වෙනවා නම්ජුන්ශි එයාගෙ හීනෙට ගිහින්.. ජින් ඔප්පත් එයාගෙ ජීවිතෙ ඉහලම තැනකට ගිහින්.. මගෙ මල්ලි.. මගෙ කුකී.. එයා මගෙ ලග ඉන්න නිසා කොහොමනම් මට පාලුවක් දැනෙන්නද.. අනිකා ජින් ඔප්පගෙ හිඹුටු.. එයා නිසයි මම හිනා වෙන්නෙ. හරියට ජින් ඔප්පා හිටපු කාලෙ මාව අඩන්න නොදී හිනැස්සුවා වගේ...

 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now