6 🎀🖊️

534 158 34
                                    

හැඩි දැඩි ඒ හිත ඇතුළෙ
සමහර හැඟීම්
මේ තරමටම මටසිලිටු ඇයි කියල
මං දන්නෙ නැහැ,

ඒත්...

ඒ අකුණු සැරට
කොයි තරම් බය හිතුණත්
මං ආසම වහිනවට
තෙතබරිත වෙන්නම තෙමෙනවට.🙃❤

~ ආහි....

Author pov :

අවාසනාව කියන දේ උපතින්ම උරුම ආහි කියන අහිංසකීගෙ ඉරණම කියන දේ කොච්චරනම් නපුරුද. කෙල්ල නොකිව්වත් තමන්ගෙම ඉරණමට මහමෙරක් වෛර කරනවා ඇති...

ලේ විලක් මැද හිටපු ආහි ළඟ මිනිස්සු රොත්තක් වට වෙලා හිටියට කෙල්ලව අඩුමගානෙ නැගිට්ටවන්නවත් එක මනුස්ස්සයෙක්වත් ඉදිරිපත් නොව්න අපූරුව..!

කෙල්ල කතා කරගන්න බැරි වුනත් ඒ මිනිස්සුන්ගෙන් යැද්දා..." අනේ මාව මැරෙන්න කලින් hospital  එකට එක්කන් යන්න කියලා.."

මේ අතරෙ ජින් හිටියෙ හිඹුට්ටා එක්ක ඇවිදලා ගෙදර යන ගමන්.. සින්දුවකුත් දාගෙන හිඹුට්ටා එක්ක පැද්දි පැද්දි යන කොල්ලට වටේ වෙන දේවල් ගැන කිසිම ගානක් නෑ...

ඒත් විනාඩි පහලවක් විස්සක් තිස්සෙ ට්‍රැෆික් එකෙ ඉද්දි කොල්ලට තරහා ගියෙ ඉබේටමයි...

" මිස්ටර්.. ඇයි මෙ මෙච්චර වෙලා ට්‍රැෆික් එක..."

" accident එකක් වෙලා.."

ජින්ගෙ එහා පැත්තෙ නවත්තන් හිටපු බයික් එකෙ මනුස්සයා එහෙම කියද්දි ජින් කලෙ හිඹුට්ටව කාර් එකෙන් තියලා accident  එක වුන තැනට ගිය එක..

තනිකරම ලේ විලක්.. ඒ ලේ විල මැද්දෙ පණ ඇද ඇද ඉන්න තමන්ගෙ යාලුවගෙ බිරිඳ... ඔප්පා ඔප්පා කිය කිය සන්සුන් හිනාවක් හැමවෙලාවකම සංග්‍රහ කරන අහිංසකී සිහිසුන්ව ජින් ඉස්සරහා..

ජින්ගෙ හිත අහිංසකයි.. කොච්චර දඟකාර වුනත් ඒ හිතට මෙහෙම දෙයක් දරාගන්න අමාරුයි... කෑ ගහලා අඩන්න ඕනි වුනත් කෙල්ලව වත්තම් කරගෙන කාර් එකට දාලා කොල්ලා උපරිම වේගෙන් ආවෙ හොස්පිටල් එකට..

එන අතර තුර නම්ජුන්ට කෝල් කීයක්නම් ගත්තද ජින්... ඒත් එක කෝල් එකක්වත් නම්ජූන් ආන්සව' කළේ නැති එක ගැන ජින්ට නම්ජුන් ගැන ඇති වුනෙ තරහක්.. කල්කිරීමක්...

 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now