Part 3 🎀🖊

518 157 33
                                    

2020. 02.28..
ආදරණීය දින පොත..
දැනට මාසෙකටත් කිට්ටුයි මම මේ අපායට අඩිය තියලා. හරි පාලුයි මට. ගුටි බැටවලින්  අඩුවක් නැති මගෙ ජීවිතෙ හරි පෞකාර විදිහට මම ගෙවනවා. අඩුම එයා ළඟින් ඇවිදගෙන ගියත් මට සිද්ද වුනෙ ගුටි කන්න. මැරි කරාට පස්සෙ ඔන්නි මාව බලන්න හැම දවසකම ආවත් එයා අද ආවෙ නැති නිසා අද දවසෙ හිනා වෙන එකත් මට අමතක වෙලයි තිබුනෙ.. අද රෑටත් නම්ජූන්ගෙ ගුටි පූජාව ලැබෙන බව මම හොඳටම දන්නවා. ඉතින්.. එදා වගේම අදත් මම ඉවසනවා..

Ahee pov..
🎀🎀

මම මේ ගෙදරට අඩිය තියලා මාසයක් වෙන්නත් කිට්ටුයි.. හැමදෙයක්ම ඒ විදියමයි ..නම්ජුන්ශිගෙ නපුරුකම දවසින් දවස වැඩි වෙද්දි මගෙ හිත හැදුවෙ ජංගුක්.. මට වඩා අවුරුද්දක් එයා බාල වුනත් හරියට මගෙ හොඳම යාලුවෙක් වගෙ. ජංගුක් මගෙන් පොරොන්දුවක් ගත්තා නම්ජූන් මට සලකන විදිය ගැන සම්චොන්ටවත් ඔන්නිටවත් කියන්න එපා කියලා.. ඒ ඒ දෙන්නගෙම හොඳට..

අද වගේ මතකයි.. කෑම උණු වැඩි වුනා කියලා නම්ජුන්ශි මාව තල්ලු කරලා මගෙ බඩට පයින් ගහපු හැටි..දවසෙන් වැඩි වෙලාවක් රූම් එක අස්සෙ ඉන්න නිසා මාව ඇදට තියලා කොට්ටෙන් මගෙ මූණ හුස්ම ගන්න බැරි වෙන්න තද කරපු හැටි... අහ්.. එයාට පේන්න කිචන් එකෙ හිටියා කියලා මගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගිය හැටි..

ඇත්තමයි...

වැරැද්දක් නොකර අසාධාරණ විදියට මට දඬුවම් කරන කිම් නම්ජුන් කියන මනුස්සයව මට අප්පිරියයි. කෙල්ලෙක්ට අත උස්සන පිරිමියෙක්ගෙන් තියෙන වැඩෙ මොකක්ද.. ඒ මූණ දකිද්දිත් මට දැනෙන්නෙ කලකිරීමක්.. අප්පිරියාවක්...

 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now