Final chapter 🎀🖋️

774 174 102
                                    


මාව දාලා යන්න එපා හරිද
මං ආදරෙයි

සරලව කිව්වට ඒකේ තිබ්බා මහා ලොකු ගැබුරක්
ඇස් වල තිබ්බේ නැතිවෙයි කියලා බයක්
හිතත් ගැහුනේ වෙනදට වඩා වේගෙන්
අයිති නොවෙනවා කියලා දැන දැනම
මේ වචන ටික කියන්න හිතට ඕනේ පට්ටම හයියක්

මතක එක්ක පොරකාලා අඩද්දි
උඩින් හිනා වෙන එක පට්ට ගේමක්
මේ ලෝකේ කවදාවත් ආදරේ කරන එවුන් එකතු උනේ නෑ මිත්‍රයා

එහෙනම්!

හිත් වලම ඉපදිලා හිත් වලම මැරුනා මිසක් !!

~නම්ජූන්...

හිත්වල ඉපදෙන්නකල් ගියත් හරි අපූරුවට අපෙ හිත්වල ඇති වුන ආදරේ ... ඒ වගේම හිත් අස්සෙ මැරිලම ගියා..

එයා යන්න ගියා.. මගෙ ආහි මාව දාලා කවදාවත් නොඑන්නම යන්න ගියා.. අන්තිමේදි මමයි මගෙ දරුවයි තනි වුනා..

" ජූනි... දරුවා එක්ක පරිස්සමට ඉන්න රත්තරන්.."

ඒ එයාගෙ අන්තිම වචන කිහිපය.. අතීතයට යනවනම් අපෙ මතක එමටයි..

ආදරණීය මතක ගොඩාක් මගෙ හිතෙ ඉතුරු කරලා එයා මගෙන් ඈතටම ගියා.. කවදාවත් හොද කරන්න බැරි තුවාලයක් හදවතෙ ඉතුරු කරලා..

Flashback
Ahee pov...

නම්ජූන් කියන්නෙ කවුරු වුනත් එදා එලියට ගිය දවසෙ ඉදන් අපි හුඟක් ළං වුනා..

ඔන්නි නැති වෙලාවට විතරක් නෙවෙයි ඔන්නි අපිත් එක්ක ඉද්දිත් මං හිටියෙ නම්ජූන් ගාව.. අහ් අනී.. ජූනි ගාව...

හී හී එයාගෙ අලුත් නික් නේම් එක ඒක.. නම්ජූන් කියනවට වඩා එයාට ජූනි කියද්දි හරි ලෙංගතුයි ..

"ජූනි...."

කොල්ලා හිටියෙ උදේ කොහේ හරි යන්න ලෑස්ති වෙලා.. අදට මම හොස්පිටල් එකෙන් ගෙදර ඇවිත් සති දෙකක්.. නම්ජූන් මේ මාව දාලා මේ සති දෙකකින් පස්සෙ ගෙදරින් එලියට යන පලවෙනි වතාව...

" ඕ ආහියා.. මොනා හරි ඕනිද.."

"ම්ම්ම් නෑ... කොහෙද යන්නෙ .."

" ජින් හ්‍යොංව හම්බෙන්න යනවා ...ඉක්මනට මම එන්නම් හරිද.. වැඩ එහෙම කරන්න එපා. මම එනක්න් අන්න අතනට වෙලා ඉන්න ඕනි .. අරස්සෝ...???"

🎉 You've finished reading 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 ) 🎉
 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now