4 🖊🎀

523 160 49
                                    



ආදරනීය දිනපොත..
වෙනසක් නෑ..  මයෙ ඩයරියෙ පිටු ඉවර වෙනවා විතරයි. මේ ජීවිතෙ අංශුමාත්රයකවත් වෙනසක් නෑ.. අද මම මේ නිස්කලංක විදියට මගෙ ජීවිතය ගෙවන අන්තිම දවස. අද මම ගෙදර යනවා.. නම්ජුන්ශි ආයෙත් මට ගහයිද. මට බයයි. එයා හුඟක් නපුරුයි. පිස්සුවෙන් වගෙ මට ගැහුවෙ එයා. සතෙක්ටවත් මෙහෙම ගහන්න හොඳ නෑ.. අද මම ඔන්නිට කියනවා මට මෙ මනුස්සයගෙන් ඉක්මනට වෙන් වෙන්න ඕනි කියලා. සැනසීමක් නැත්තන් වෙන් වෙන එක හොදයි නේද. මං වැරදි නෑනේද..

Ahee pov:

වෙන මිනිස්සු ගත කරන්න අකමැතිම තැන මම දවස් දෙකක්ම ගෙව්වෙ හරි ආසාවෙන්. හොස්පිටල් එක.. විටින් විට මාව බලන්න එන ජංගුක් නැත්තන් ජින් ඔප්පා , ඔන්නි ඇරුනම වෙන කවුරුත් මං ගැන හොයලා බැලුවෙ නෑ..

ඇත්තටම සතුටුයි මට..

බැඳීම් දාහක් අස්සෙ ගුලිවෙලා දුක් වෙනවට වඩා මාත් එක්ක ඉන්න දෙතුන් දෙනා එක්ක හරි නිදහසෙ ජීවිතෙ ගෙවන්න පුලුවන් වෙන එක.. නම්ජුන්ශි මගෙ සැමියා වුනත් මාව බලන්න ආපු නැති එක ඇත්තටම එක අතකට හොඳයි.. එයාගෙ වෛරය පිරුනු මූණ මට බලන්න ඕන්නෑ..

අද මාව ඩිස්චාජ් කරනවා. ඒ කියන්නෙ මම අර අපායට ආයෙත් යනවද?? ඔව්.. මම වෙන කොහේ කියලානම් යන්නද...

අප්පා හිටියනම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා. මගෙ ඇස් දෙකටවත් එයාව නොදැක්කත් අදටත් මම මෙ හැමදෙයකම වැරැද්ද අප්පගෙ පිටින් යවන්නෙ මට වෙන කරන්න දෙයක් නැති නිසාම වෙන්න ඇති..

ඇත්තටම එයත් වැරදි ඇති ... හුඟක්... නැත්තන් මගෙ ඔම්මා අප්පගෙ වාසගම අපිට නොදී එයාගෙ වාසගම දෙයිද..

 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now