Chapter 06

807 169 86
                                    

________________________________________

The worst thing fate can do is,show you the right person at the wrong time.

_________________________________________


[ At Rona Place ]

උදෙන්ම අවදි වුනු හෝසොක් බැන්ඩේජ් කරලා තිබුනු තුවාලය තෙමෙන්නෙ නැති වෙන්න වොශ් එකක් දාගෙන බාත්රූම් එකෙන් එලියට ආවේ දවසම අනිත් වැඩවලින් මිදිලා විවේක ගන්න හිතාගෙන..

ඒ උනත් කලින් දවසේ රෑ තමන් එක්කගෙන ආපු තරුණයව මතක් වුනු හෝසොක් එයාටත් නොදැනීම කාමරෙන් එලියට ආවේ එකපාරටම ඒ කෙනාව දකින්න දැනුනු උවමනාව නිසයි.

ඇත්තටම කවුද කියලාවත් නොදන්න කෙනෙක් ගැන මේ තරම් හිතෙන්නේ ඇයි කියලා හෝසොක්ට නොදැනුනා නෙමෙයි.

කාර් එකට ඇක්සිඩන්ට් වුනු කෙනෙක්ව එහෙමම පාරේ මැරෙන්න අත ඇරලා එන්න බැරි තරම් ලස්සන හදවතක් තියෙන කෙනෙක් නේමෙයි ජන්ග් හෝසොක් කියන්නේ.ඒත් එහෙම තියෙද්දිත් එයාව මේ රෝනා ප්ලේස් එකටම අරගෙන ආවේ ඇයි කියලා හෝසොක්ට තේරුනේ නෑ.

ඒ වගේම ඇස් ඇරපු වෙලේ ඉදන් ඒ ආගන්තුකයාගේ අසරණ මූණ මැවි මැවි පේන්න ගත්තේ ඇයි කියලාත් හෝසොක් දන්නේ නෑ..

ඒත් හෝසොක් එක දෙයක් දැනගෙන හිටියා.ඒ තමයි මේ දැනෙන දේ මොකක් උනත් තමන් ඒකට දශමයක්වත් කැමති නෑ කියලා.

ඒත් ආගන්තුකයා ගැන දැනගන්න තිබුනු උවමනාව යටපත් කරගන්න බැරි නිසාම මෙඩිකල් රූම් එකට යන්න ආපු හෝසොක් ලිවින් රූම් එක මැද නැවතුනේ කලබලෙන් තමන්ගේ පැත්තට දුවගෙන එන නම්ජූන්ව දැකලා..

" හෝබා..අපිට පොඩි ප්‍රශ්නයක්.."

නම්ජූන්ගේ මූණේ තිබුනු කලබලකාරී හැගීම දැකපු හෝසොක්ට තේරුනා වෙලා තියෙන්නෙනම් එච්චර හොද දෙයක් නෙමෙයි කියලා.

"වටේ කැරකෙන්නේ නැතුව කියන්න නම්ජූන්.මොකක්ද වෙලා තියෙන්නෙ..? "

" ඊයේ පෝට් එක ලගදි මැරිලා තියන කෙනා..ඒ කියන්නේ ඊයේ ඔයාව හම්බවෙන්න ආපු කෙනා ඇත්තටම නේපාල්වල ඩ්‍රග් ඩීලර් නෙමෙයි හෝසොක්.."

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now