Chapter 20

565 116 81
                                    

________________________________________

Damaged people are dangerous.
They know how to make hell feel like home.
________________________________________

"බොස් රෙඩ් ඊගල්ස්ලා ඉන්නේ අපිට කිලෝ මීටර්ස් හතක් විතර ඈතින්..එයාලගේ වාහන තියෙන්නේ හයයි.ජිප් හතරයි කාර් දෙකයි...."

ට්‍රැෆික් ඕ.අයි.සී ගේ උදව්වෙන් එයාලා යන පාරේ ට්‍රැෆික් කැම්වලින් රෙඩ් ඊගල්ස්ලා ඉන්න හරිය හොයාගත්තු ජින් කිව්වේ ලැප් එකෙන් ඇස් ඉවතට ගන්නෙවත් නැතුව.ජැක්සන් එතන නැති එකේ අඩුව පිරෙව්වේ ඒ වගේ වැඩවලට ජැක්සන්ට පස්සේ හිටපු දක්ශම කෙනා වුනු ජින්.

ජින් ඒක කියනවත් එක්කම ඉයර් පීස් එකෙන් ඇහුනේ ජේහෝප්ගේ ගැඹුරු කටහඩ.

"ජින්....රෝනා ප්ලේස් එකේ එන්ට්‍රන්ස් එකේ සීසීටීවී රෙකෝඩ්ස් චෙක් කරන්න..මට හරියටම දැනගන්න ඕනි යුන්ගි ඉන්නේ මොන වාහනේද කියලා.."

"ඕකේ මට විනාඩියක් දෙන්න.."

එහෙම කියපු ජින් වේගෙන් එයාගේ ඇගිලි යතුරු පුවරුව හරහා එහෙ මෙහෙ අරගෙන ගියේ මොහොතකින් ලැප් එකේ රෝනා ප්ලේස් එකේ රහසිගට කැමරාවල දර්ශන දිස් වෙන්න ගනිද්දි.

ඒ දිහා හොද අවදානෙන් බලාගෙන හිටපු ජින් දැක්කා යුන්ගිව කරේ තියාගෙන රෝනා ප්ලේස් එකෙන් වේගයෙන් මනුස්සයෙක් එලියට එන හැටි.ඒත් එක්කම පැත්තකින් දුවගෙන ආපු කෙනාව අදුරගන්න ජින්ට අමාරු උනේ නෑ.ඒ කන්ග් හානෙවුල් කියලා ජින් දන්නවා.ඒත් මින් යුන්ගිව අරගෙන ආපු කෙනා කවුද කියලා ජින්ට අදුරගන්න පුලුවන් වුනේ නෑ...මොකද ඒ කෙනා හිටියේ කැප් එකකින් වගේම මාස්ක් එකකිනුත් මූණ වහගෙන.

තව තප්පර කීපයක් ස්ක්‍රීන් එක දිහා අවධානෙන් බලාගෙන හිටපු ජින් ස්ථීර හඩකින් ජේහෝප්ට උත්තර දෙන්න ගත්තා.

"මින් යුන්ගි ඉන්නේ සුදු පාට කාර් එක ඇතුලේ බොස්....ඒ කාර් එකේ පැසෙන්ජර් සීට් එකේ ඉන්නේ හානෙඋල්.යුන්ගි ඉන්නෙ පිටිපස්සේ සීට් එකේ දකුණු පැත්තේ...එයාට වම් පැත්තෙන් ඉන්නේ එයාව රෝනා ප්ලේස් එකෙන් එලියට අරගෙන ආපු කෙනා...ඒ වගේම බොස්..."

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now