Chapter 30

581 130 320
                                    

_____________________________________

When you love someone,
You don't give up.
Ever.

_____________________________________

පහුවදා උදෙන්ම අවදි වුනු හෝසොක් කඩිමුඩියේ ලෑස්ති වෙන්න පටන් ගත්තේ එයා එදා දවස ඇතුළට කොයි විදිහකින් හරි යුන්ගිව මුණ ගැහෙන්න අදිටන් කරගෙන හිටපු නිසයි...

මුලින්ම ඔෆීස් එකට ගිහින් ඊට පස්සේ යුන්ගිව හොයන්න යන්න හෝසොක් තීරණය කළේ වැදගත් මීටින් එකකට සම්බන්ද වෙන්න එයා ඒ උදේ ඔෆීස් එකේ ඉන්නම ඕනි වුන හින්දා..වෙන දවසක උනානම් හෝසොක් එයා වෙනුවට එයාගේ සෙකට්‍රි වුණු නම්ජූන්ව යවන්න තිබුනා.ඒත් නම්ජූන් සීරෝ එකේ වැඩකට ජින් එක්ක ග්වැන්ජු ගිහින් හිටපු නිසා මීටින් එකට යන්න සිද්ද වුණේ හෝසොක්ටමයි.

වෙනදා අදින කලු පාට කලිසමයි සුදු අත් දිග ශර්ට් එකටයි අමතරව බ්ලේසර් එකකුත් දාගත්තු හෝසොක් රෝනා ප්ලේස් එකෙන් එලියට ආවේ උදේ කෑම එකවත් ගන්නෙ නැතිව.හෝසොක් හිටියේ යුන්ගිව දකින්න ඒ තරම් නොයිවසිල්ලෙන්.කෑම කකා නාස්ති කරන්න වෙලාවක් එයාට තිබුනේ නෑ.

හෝසොක්ගේ ඔලුවේ තිබුනෙම ඔෆිස් එකට ගිහින් මීටින් එකට ඉක්මනට ඉවර කරලා ඒ ගමන්ම යුන්ගිව හොයාගෙන එයාගේ ෆ්ලවර් ශොප් එක තිබුනු දිහාවට යන එක.මොකද හෝසොක් හොයාගත්තු විදිහට යුන්ගිගේ ගෙදර තිබුනෙත් ඒ ෆ්ලවර් ශොප් එක ලගමයි..

ඒ නිසාම ඉක්මනින් කාර් එකට නැගපු හෝසොක් රෝනා ප්ලේස් එකෙන් ඉවතට වාහනය පදවන්න පටන් ගත්තේ තරමක් වේගයෙන්.

කාර් එක පදවන ගමනුත් හෝසොක්ගේ ඔලුවේ හොල්මන් කලේ යුන්ගි විතරයි.හෝසොක්ගේ මූණේ ඇදුනු සිහින් හිනාවට හේතුව වුනෙත් ඒක..

යුන්ගිව දකින මොහොත තප්පරෙන් තප්පරය ලන් වෙන හැටි ගැන හිත හිත හෝසොක් සතුටු වුනේ පොඩි ළමෙක් වගෙ..

ඒත් රෝනා ප්ලේස් එකෙන් පිට වෙලා විනාඩි තුනක් යන්නත් කලින් හෝසොක්ගේ කල්පනා ලෝකය බිද වැටුනේ එකපාරටම කාර් එක ගැස්සෙන්න පටන් ගනිද්දි.

වැඩි දුරක් යන්න කලින් කාර් එකේ වේගය දුර්වල වෙන්න ගත්තේ එන්ජින් එකෙන් අමුතු සද්දයක් නිකුත් කරමින්.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now