Chapter 26

506 117 84
                                    

_____________________________________

Life has many ways of
testing a person's will,
either by having nothing happen
at all or by having everything happen
all at once.

_PAULO COELHO_

_____________________________________

පරිසරය පුරා පැතිරිලා තිබුනේ සැනසිලිදායක නිහඩ බවක්.තරමක් දුරක තිබුනු උස් තුරුපත් මද සුළගකට හෙළවෙන බව පෙනුනත් ඒ සුළග කුටියට එන එක වැලැක්වුවේ කාමරයත් පිටත පරිසරයත් වෙන් කරමින් තිබුනු විශාල වීදුරුව විසින්..

ඒත් මුලු පරිසරයම සෞම්‍ය එළියකින් නහවමින් උන්නු සදට නම් කුටිය ඇතුළට එන්න කිසිම බාධාවක් තිබුනේ නෑ...

නිරාවරණය වෙලා තිබුනු විශාල වීදුරු බිත්තියෙන් පෙරිලා ආපු සද එළිය හරියටම කාමරය මැද තිබුනු විසල් සයනය මතටම පතිත වෙලා තිබුනේ ඒ සයනය මත උන්නු කෙනාවම හොයාගෙන ආවා වගෙයි..

එතන තිබුනේ හරිම සුන්දර බවක්..
නිසල බවක්...
ඒ වගේම සැනසිලිදායක බවක්..

ඒත් කුටියේ දොර ළග උන්නු කෙනාට නම් නිසල බවක් වෙනුවට දැනුනේ සසල බවක්ම විතරයි..

අවට තිබුනු සැනසිලිදායක බව ඔහුට නොදැනුනු තරම්..

මොකද ඔහු හිටියේ ඒ දසුනේ තිබුනු සුන්දරත්වයෙන් අතරමන් වෙලා..

තමන් එතනට ආවේ ඇයි කියන එකත් අමතක වෙන තරමටම ඔහු හිටියේ අතරමන් වෙලා..

මින් යුන්ගිට ආයෙත් පියවි සිහියට එන්න තප්පර කීපයක් ගියේ ඒ නිසයි.

තමන් ආපු කාරණාව සිහි වුනු ගමන්ම කිසිම සද්දයක් නොනැගෙන විදිහට ආයෙමත් හිමීට කාමරයේ දොර වහපු යුන්ගි රිවෝල්වරය රැදුනු අත උඩට ඔසවන්න ගත්තේ එහි ඉදිරිය ඇද දිහාවට
යොමු කරමින්.

සද එළිය නිසාම අඩ අදුරේ තිබුනු කුටිය ඇතුලේ සයනය මත නිසලව ඉන්න හෝසොක්ව ඉලක්ක කරගන්න යුන්ගිට අමාරු වුනේ නෑ..

'මං ආවා හෝසොක්...අන්තිමේදි මන් මගෙ පලිය ගන්න ආවා.....'

හෝසොක් සහ තමන් අතර පියවර දහයක විතර දුරක් තියෙද්දි යුන්ගි තමන්ටම හිතින් කියාගත්තේ මොහොතකට කලින් හෝසොක්ව දකිද්දි ඇතිවුනු තිගැස්ම සම්පූර්නෙන්ම අමතක කරලා.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now