"ජිමින්..ඔයා ඉස්කෝලෙ එන එක නතර කරන්න දැන්වත්!
ඒකෙන් ඔයාට තවත් අමාරු වෙනවා.."
ඔවුන් නැවතත් උද්‍යාන බංකුවේ අසුන්ගෙන.ඔහු මුවින් අත ඉවත් කරගත් පසු වෙනදා මෙන්ම පියොනි පෙති බිම ඉසිරුණා.
ඔහුගේ ලස්සන දුඹුරු දෑස් වේදනාවෙන් පිරී තියෙන හැටි ඈට පෙනුනා."ගෙදර ඉන්නකොට ඔයා ගැන හිත හිත වේදනා විඳින එකට වඩා ,ඔයාගේ එහා පැත්තට වෙලා ඉන්න එකේ වේදනාව අඩුයි.."
"මන් කිය..."
ඈ කතා කරන්නට සූදානම් වූ මුත් ඔහු අසන්නට සූදානම් වුනේ නෑ."ඔයා දන්නවනේ පියොනි පෙති තියෙන අයව හොඳ කරන්න අමාරු ඇයි කියලා?"ඔහු අහස දෙසට තම දෑස් යොමු කර සිය ඇඟිලි ඔහුගේ සිනිඳු කෙස් අතරින් යවන්නට වුනා.
"නෑ"
තමන්ට කතා කිරීමට ඉඩ නොදුන් නිසා ඔහුට එරෙවූ ඈ ඔහු බලා සිටින දෙසටම තම දෑසත් යොමු කළා."පියොනි වලින් කියවෙන්නේ ආදරේ ගැන විතරක්ම නෙවේ..
මිත්‍රත්වය,ගෞරවය,කරුණාව,ලස්සන.මේවත් පියොනිවල සංකේත..
මේ හැමදේම ඒ ආදරේට එකතුවෙලා තියෙන නිසා ඒක හොඳ කරන්න අමාරුයි."ඈ බිම බලාගත්තා.
"ඔ..ඔයාට තිබුනා සර්ජරි එක කරන්න.."ඔහු ඈ දන්නා වේදනාත්මක සිනහව පෑවා.
"මන් ඒකට උත්සහ කළා.
මගේ හිතේ ඇතිවුන හැඟීම් බලෙන් උගුල්ලලා දාලා ඔයාව අමතක කරලා ජීවත් වෙන්න පුළුවන් කියලා මන් හිතන් හිටියා.."ඊළඟට ඔහු
තමා වටා විසිරී තිබුණ
පියොනි පෙති දෙසට දෑස් යොමු කළා."ඒත් බලන්න..
දෙවෙනි පාරටත් මේ පියොනි පිපෙන්නේ,
ඔයා වෙනුවෙන්.."
YOU ARE READING
His Peonies | PJM | Short Chapters | ✔
Fanfictionඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021