"බටර් ස්කොච් එකක්"
ඔහු අයිස්ක්‍රීම් වෙළෙන්දගෙන් අයිස්ක්‍රීම් එකක් මිලට ගෙන එය ඈ වෙත දිගු කළා.ඇය පුදුමය පිරුනු දෑසින් ඔහුගේ දෑස් දෙස බලසිටියා.
අදත් ඒ දුඹුරු දෑසෙහි වේදනාව ඇඳී තිබුන අයුරු ඈ දුටුවමුත් වෙනසකට මෙන් එහි සතුටක සේයාවක් ඈ දුටුවා."ඔයා කොහොමද..?!" ඈ වදන් එකතු කළා.
"ඔයා වෙනුවෙන් ගාර්ඩ්න් එකක්ම හදන් ඉන්න මන්, ඔයා ගොඩක් වෙලාවට කන අයිස්ක්‍රීම් එක නොදැන ඉන්නේ කොහොමද."
ඔහු සුපුරුදු ලෙස වේදනාවට සිනහව මුසු කළා."ඒත්..මන්...
මන් ඔයා ගැන ගොඩක් දේවල් දන්නේ නෑ ජිමින්..
ඒක මගෙ හිත රිද්දනවා..""ඒකට කමක් නෑ..
තව ටික දවසකින් මන් කියලා කෙනෙක් තවදුරටත් නැති නිසා, ඔයා මන් ගැන අඩුවෙන් දැනගන්න එක ලේසි වෙයි.
ඔක්කොටම කලින් දැන්, මගෙ හිත රිද්දන්නැතුව ඔය අයිස්ක්‍රීම් එක කන්න.."හිරු එළියේ හෙමින් ඇවිදින අතරේ ඇය අයිස්ක්‍රීම් එක තොල ගාන්නට ගත්තා.
ඇයට කියන්නට අවශ්‍ය වුනා.
අයිස්ක්‍රීම් එක දියවී ගොස් ලැබෙන වේදනාවට වඩා වැඩියෙන් ඈ ඔහුට රිදවන බව ඈට කියන්නට අවශ්‍ය වුනා.එහෙත් එසේ කිරීමෙන් ලැබෙන්නේ තවත් වේදනාවන්ම නොවේද?
ඒ නිසා ඈ එය නොකියා සිටින්නට තීරණේ කළා."ඒත් මගෙ පොඩි ජීවිත කාලෙ ඇතුළෙත් ඔයා ලොකු මතකයක් ජිමින්..
ඔයා වගේ කෙනෙක්ගෙ මතකයක් කියන්නේ,
ලේසියෙන් මැකිලා යන දෙයක්වත්,
එහෙම වෙන්න ඕනේ දෙයක්වත් නෙවෙයි.
ඔයා ආදරේ පිරුන කෙනෙක් ජිමින්..
එහෙම ආදරයක් මන් වෙනුවෙන් නාස්ති වෙන එක අපරාධයක්..""එහෙම නෑ.
මට සතුටුයි මගෙ පියොනි මල් ඔයා වෙනුවෙන් පිපෙන එකට.
ඒවා ඔයා වගේ..
ඒ මල් නිසා,කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන එක කොයි වගේද කියලා මන් දැන් දන්නවා."ඔහු ඉදිරිය බලාගෙන ඔහුගේ සුපුරුදු ආදරණීය ස්වරයෙන් තවදුරටත් මුමුණන්නට වුනා.
"ඔයා, එයාලා වගේ මට ලන් වෙන්න හැදුවේ නෑ..
මමයි ඈත ඉඳන් ඔයාට ලන් වෙන්න හදන්නේ.
ඒක වේදනාකාරියි.
ඒත් පුදුමයි....ඒ වේදනාවත් හරි ලස්සනයි.
තනියම කෙනෙක්ට ගොඩක් ආදරේ කරන එක වේදනා මැද්දෙන් පිපෙන මල් ගොඩක්ම තමා..""ඔව්.එහෙමම තමා.."ඇය සිහින් සිනහවක් පෑවේ අයිස්ක්‍රීම් කෝන් එක සපමින්.
"ඇයි ඔයා සර්ජරි එක කරන්නැත්තේ?" කුඩා පාලම හරහා ඇවිද යද්දි ඔහු හදිස්සියේම ඇසුවා.
"මන් ඔයාට කිවුවා ජිමින්...
ඒකෙන් වෙනසක් වෙන්නෑ. අනික ඔයා දිහාම බලන්න..""නෑ...
ඔයාගේ කතාව ඊට වඩා වෙනස්.."
ඔහු ඇය ඉදිරියට විත් පාලමේ වැටට හේත්තු වුනා.බොහො දුරක් එක දිගට ඇවිද යාම ඔවුන්ට අසීරු වුන නිසා ඔවුන් මඳක් නතර වන්නට තීරණේ කළා.
"ඒ කිවුවේ?"
"මන් ඩොක්ටර්ට කතා කළා.
එයා කිවුවා රතු රෝස මල් තියෙන අයව හොඳ කරන එක අමාරුම නෑ කියලා.
හොඳ වුන ගොඩක් අය ඉන්න නිසා ඔයාට අවස්ථාවක් තියෙන්න පුළුවන්..""ඒත්..
ඔය ඔක්කොම කලාට පස්සෙත් මන් ආයෙමත් මේ ඉස්කෝලෙට....""මන් වෙන ඉස්කෝලෙකට මාරු වීමක් හදාගන්න උදව් කරන්නම්.."
ඇය සිනහසුනා.
"මෙහෙම ගියොත් මට හිතෙයි ඔයා මට හරිම ලෝභයි කියලා..""ඔව්..
මෙහෙම ගියොත් මන් ඇත්තටම ලෝභවෙයි..""මොනාටද..?" පියකරු පෙනුමත් සමඟ ඈ පාලමට හේත්තු වී ඈත ක්ෂිතිජයට දෑස් යොමු කළා.
"ඔය හිනාවට.."
ඈ වෙනුවෙන් තැනෙන උද්‍යානයේ මල් පිපෙමින් තවත් රිදුම් නැගෙද්දී ඔහු ඇගේ සිනහවට ලෝභ වුනා.ඒ අතර ප්‍රථම වතාවට,
රෝස මල් පෙති වලට වඩා
ඔහුගේ ආදරණීය වදන්වලින් ඇගේ සිත රිදෙන්නට වුනා.
YOU ARE READING
His Peonies | PJM | Short Chapters | ✔
Fanfictionඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021