හතිලමින් දුව ආව කවුරුන් හෝ කොරිඩෝවෙන් හැරෙද්දි ඔහුගේ ඇඟේ වේගයෙන් ගැටුණා.
ගතට තරමක වෙහෙසක් දැනුන මුත් දුව ආ තරුණියගේ අත් වලින් නොවැටී සිටින ලෙස ඔහු අල්ලාගත්තා.ඒ තරුණිය බිම බලාගෙන, සිරුර වගේම වෙවුලන කටහඬෙන් ඇහෙන නෑහෙන ගානට සමාව අරගෙන ඔහුව මඟෑරලා යන්න හැදුවත් ඔහු ඈව නවත්තගත්තා.
"පියොනි මල..
ඔයා ඇයි මේ අඬන්නේ?"
ඔහුගේ කටහඬේ වේදනාවක් තැවරුනා.එවිටයි ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවේ.
ඇගේ රතු වූ දෙනෙතින් බේරී එන කඳුළු ඇගේ කම්මුල් හරහා නොකඩවාම ගලා ගිය අතර ඇගේ තොල් වෙවුලන්නට වුනා.ඔහුගේ මුහුණ දුටු සැණෙකින් ඈ ඔහුගේ දෑත් වලට වාරු වී,තවමත් ඈ වෙනුවෙන් ශක්තිමත් ඒ දෑත් අල්ලාගත්තා.
ඇගේ රතු වූ දෑස් ඔහුගේ විඩාබර එහෙත් වේදනාවෙන් පිරුනු දෑස් වලට එබුනා.
"ජි..ජිමින්..ම..මන්..එ..එයා..
හිතුවේ නෑ..ඔ..ඔක්කොම..දැ..දැක්කා..මට..මට.."
ඇය දිගින් දිගටම ඉකිබින්දා."ෂ්..ෂ්...ඔහොම ඉන්න...
මුලින්ම හෙමින් හුස්ම ගන්න."
එක අතකින් ඇගේ උරහිසින් අල්ලාගනිමින් අනෙක් අතින් ඇගේ අවුල් වී ගිය හිසකෙස් හෙමින් සකසමින් ඔහු පැවසුවා.ඔහුගේ දෑස් කිසිවිටකත් ඇගේ දෑස් වලින් ඉවතට නොගිය අතර ඒ බැල්ම වටහාගත් ඈ සෙමෙන් හුස්ම ගනිමින් ඔහුට අවනත වුනා.
"එන්න.."
ඈ මඳක් හෝ සන්සුන් බව වැටහුන ඔහු ඇගේ එක අතක් අල්ලාගෙන ඈව වෙනත් කොරිඩෝවක් ඔස්සේ කැඳවාගෙන ගොස් දොරක් විවෘත කර යම් කුඩා ශාලාවකට පිවිසෙන බව ඈ දුටුවා.
YOU ARE READING
His Peonies | PJM | Short Chapters | ✔
Fanfictionඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021