"ජිමින්!!"
ඇය දුවවිත් ඔහු සිටි රෝහල් ඇඳේ පසෙකින් හිඳ ගත්තා.
ඔහු ඇඳෙහි එක් පැත්තකට මුහුණ යොමුකර වැතිරී සිටි අතර ඇඳෙහි මෙන්ම බිමත් පියොනි පෙති විසිරී තිබුනා.
එහෙත් පෙර රෝස පැහැති අලංකාර පෙති වෙනුවට මෙවර ඒවායේ ලේ තැවරී තිබුනා.
ඔහුගේ ලේ, අලංකාර මල් පෙති වල තැවරී ඒවාට බියකරු මෙන්ම වේදනාත්මක පෙනුමක් ගෙනාවා.
"ඔයා ඇවිත්.."
අඩවන් වූ දුඹුරු දෙනෙත් අපහසුවෙන් විවෘත කරගැනීමට තනන අතර ඔහුගේ සිහින් කෙඳිරිය ඇදී ගියා."ජිමින්...මට..
මට සමාවෙන්න.."
ඇගේ දෑස් අග කඳුලැලි රැදුනා.එහෙත් ඔහුගේ නෙතේ ඇඳී තිබුනේ හුරුපුරුදු ආදරණීය බවක්.
"එයාලා..දෙවෙනි පාරටත්..මන් ඔයා වෙනුවෙන්..හදපු ගාර්ඩ්න් එක.. විනාස කරන්න හදන්නේ..""එහෙම කරන්න ඕනේ..ඔයා ජීවත් වෙන්න ඕනේ.."
දෑස් වලින් කඳුලු ගිලිහෙද්දී ඇගේ කටහඬ වේදනාවෙන් පිරුනා."ඒත්...එතකොට ආයෙම පාරක්..මේ පියොනි පිපුනොත්.."
ඔහුගේ කතාවට කැස්ස බාධාවක් වුනා."එහෙම වෙන්නෑ.."
"ඇයි..ඔයා හිතනවද..මට..ඔයා ගැන..තියෙන ආදරේ නැතිවෙයි..කියලා..?"
"නෑ ජිමින්.එතකොට.."
ඇගේ වාක්‍ය සම්පූර්ණ කිරීමට ප්‍රථම එතැනට පැමිණි වෛද්‍යවරු සහ හෙදියන් ඈට පිටතට යන ලෙස පැවසුවා.තප්පර කිහිපයකට ඔහුගේ නෙත් දෙස නැවත එක්වරක් බැලූ පසු ඇය කාමරයෙන් පිටවුනා.
"එතකොට ඒ ආදරේ
ඒකපාර්ශවික වෙන එකක් නෑ ජිමින්.."
ඈ අසල තිබූ අසුනකට බර වී මිමිණුවා.
YOU ARE READING
His Peonies | PJM | Short Chapters | ✔
Fanfictionඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021