🥀6

340 139 16
                                    

"ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජිමින්..
ඔයා හොඳින්ද? ඇයි දවස් දෙකක්ම ඉස්කෝලේ ආවේ නැත්තේ?ඔයා ගෙදරද?ඇයි මගෙ කලින් කෝල් දෙක දැක්කෙ නැත්ද?"

"හෝව්..හෝව්..
ඔච්චර ප්‍රශ්න එකදිගට ඇහුවම මන් කොහොමද උත්තර දෙන්නෙ?"
ඔහුගේ තරමක් වෙනස් වූ කටහඬ අසුන පසු ඈ සැනසුම් සුසුමක් හෙලුවා.

"මන් හිතුවේ නෑ මන් මැරෙන්න කලින් කවදමහරි ඔයා මට කෝල් කරයි කියලා.හොඳ වෙලාවට නම්බර් එක දීලා තිබ්බේ..."
ඔහුගේ මුහුණ නොදුටුවද එහි අර මවාගත් සිනහව ඇති බව ඈ දැනසිටියා.

"ජිමින්..!!විහිලු කරන්න වෙලාවක්ද මේ?!!ඔයා දවස් දෙකක්ම ආවේ නෑ. මන් හොඳටම බය වුනා."
ඇය වේගයෙන් කියවාගෙන ගියා.

එහා පසින් ඇයට ඇසුනේ සිහින් සිනහවක් හා එහි අවසානයේ නැගුන කැස්සක්.
"ම්ම්..
දැන් මගෙ බයවුන පියොනි මල මට කියන්න ඔයා කොහෙද ඉන්නෙ කියලා?"

ඔහුගේ පියොනි මල..
ඒ වදන් වලින් ඇගේ ගතට සනීපදායක හැඟීමක් දැනුනා.
නමුත් ඒ ඇයි?

"ඔයාගේ ගෙදර ළඟම තියෙන බස් හෝල්ට් එකේ."
ඇය සන්සුන්ව කියා සිටියා.

"මොකක්ද?!!"ඔහුගේ සන්සුන් ස්වරයද ඔහුට අහිමි වී ඔහු කලබල වන අයුරු ඈට ඇසුනා.

"ඔව් ඉතින්.
ඔයා ඊයේ ඉස්කෝලෙට ආවෙත් නෑ. කෝල් එක ආන්ස්වර් කලෙත් නෑ.අදත් ආවේ නෑ.
ඉතින් මන් ඉස්කෝලේ ඇරිලා යන ගමන් ආවා.ඒත් ඔයාගෙ ගෙදර බලකොටුවක් වගේ නිසා..."

"ඔහොම ඉන්න! ඔයා දැන් මට ඇත්තටමද කියන්නේ ඔයා මේ හරියෙ ඉන්නෙ කියලා?රෑ වෙන්නත් ළඟ වෙලාවක!? තනියම?!"
ඔහුගේ පසින් යම් ඝෝෂාවක් ඇසුන අතරම ඔහුගේ ස්වරයේ තිබුනේ වදවීමක සළකුනු.

"ඔව්.මන් ඇත්තටම ඉන්නේ ඔයාගෙ ගෙදර ළඟ. තාම රෑවෙලත් නෑ..අනික තනියමත් නෙවේ. මෙතන... ගෑනු කෙනෙකුයි..පිරිමි දෙන්නෙකුයි ඉන්නවා."
ඇය බස් නැවතුමේ සිටින පිරිස දෙසට ඇස් යොමාගෙන පැවසුවේ හැන්දෑවේ සීතල නිසා තම තුනී කබාය තුළට එබූ එක් අතක් තවත් ගුලි කරමින්.

නිහඬතාවයක්...
"ජිමින්...ඔයා ඉන්නවද?"

එහා පසින් බොහෝ වෙලාවකින් කතාබහක් ඇසුනේ නැති බව තේරුම් ගිය ඈ දුරකථනයට දෑස් යොමු කර ඇමතුම දෙස බැලුවා.

තවමත් ඇමතුමට සම්බන්ධ වී ඇතිමුත් ඔහුගෙන් කිසිදු වදනක් නිකුත් නොවීම පුදුමයක් වුනා.

"ඔයා ඇත්තටම මෙතන..." ඒ ඔහුගෙ කටහඬයි.

නමුත් එය ඇසුනේ ඇමතුමෙන් නොවේ.
ඈට අඩි කිහිපයක් නුදුරින්.

තව සුළු මොහොතකින් ඈ වටා තද කබායක් එතුනු අතර ඈ එහා පස කුලී කාර් රථයක් නවත්වනු ලැබුවා.
"ඉක්මණට ගෙදර යන්න.."
ඔහු ඈව කුලී රිය දෙසට හැරවූවේ එහි පිටුපස දොරද විවෘත කරගෙනයි.

ඒත් ඇගේ දෑස් රැඳී තිබුනේ ඔහුගේ මුහුණේයි.

එය පෙරට වඩා,වඩාත් සුදුමැලි වුන අතර ඔහුගේ අඩවන් දෙනෙත් වටා යන්තමින් අඳුරු පැහැ වී තිබුනා.
එමෙන්ම ඔහුගේ පිරුණු දෙතොල් රෝස පැහැය සඟවමින් වේලී තිබුණා.

ඔහු..
ඔහු සිටියේ අධික වේදනාවකයි.

"ජි..ජිමින්..ඔයා.."

"මන් හොඳින්.."
ඔහු තවමත් අර වේදනා මැද නැගෙන සුන්දර සිනහවෙන් යුතු වූ මුත් කවදාවත් ඒ සිනහව ඔහුගේ දෑස් වලින් දිස් වූයේ නැති බව ඈ අදද වටහාගත්තා.
"දැන් පරිස්සමෙන් ගෙදර යන්න.
කෝ ඉතින්..නගින්න."

ඔහු ඈව නැවත කුලී රිය දෙසට හරවා එහි ඉන්දවූ පසු දොර වසා දැම්මා.
"අජශ්ශි..දැන් යන්න."
ඔහු රියදුරාව ඇමතුවා.

ඔහුගේ වේදනාවෙන් පිරීගිය මුහුණ ඇගේ මනසේ මැවි මැවී පෙනෙන අතරේ පැති කණ්ණාඩියෙන් ඔහුගේ රුව එන්න එන්නම මැකී යන අයුරු ඈට දකින්නට ලැබුණා.

"අපි මේ තරම් ඉක්මණින්
අපේ ජීවිත වලින් ඈත් වෙලා යනවද ජිමින්..?"
ඈ තනිවම මිමිණුවා.

His Peonies | PJM | Short Chapters | ✔Where stories live. Discover now