ඇගේ බොඳවුන ඇස් එක් එක් පිටුවල කුඩා ජායාරූප සමඟ ඇති වාක්‍යන් කියවන්නට යොමු වුනා.
"ඒ හිනාව..
කොහොමද අමතක කරන්නෙ..""එයා නිදහස්..සරලයි..ආදරණීයයි..
මගෙ හිත එයා ළඟටම ඇදෙන්නේ
ගල් කැටයක් මහ පොළොවට වැටෙනවටත් වඩා වේගෙන්..
හදවත ගැහෙනවටත් වඩා පරිස්සමෙන්..
හුස්ම ගන්නවටත් වඩා නිරායාසයෙන්..""එයා හැම දෙයක් ගැනම උනන්දුවෙන් බලනවා.
එයාගෙ කළු බෝල ඇස් හරිම කුතුහලෙන් පිරිලා.
ඒ ඇස් හැමතැනම වේගෙන් දුවන්නෙ මොනාහරිම මඟැරෙයි වගේ..
ඒත්..
එයාට මාව මඟැරුනා.
මගෙ බැල්ම මඟැරුනා.""පියොනි..
ඒවා ඔයාගේ හිනාව වගේ..
ආදරණීයයි.ලස්සනයි.
ඒත් මරණීයයි.""ඒ පෙති සිනිඳුයි.ලා රෝස පාටයි.
මම මේ මල් වලට ආදරෙයි.
මට රිදුනත් මන් ආදරෙයි.
මොකද ඒවා පිපෙන්නේ ඔයා වෙනුවෙන්.""මේ මල් වෙනුවට
ඔයාගෙ ආදරේ මට දෙන්න බැරිද?""එයාගෙ ලස්සන හිනාව ටික ටික නැතිවෙනවා වගේ දැනෙන්නේ ඇයි මට.."
"ලස්සනම දේවල්
ඇයි මෙච්චරම ඉක්මණට උදුරගන්නේ?""ඇයි ඒ කෙනාට,
මගෙ පියොනි මලට ආදරේ කරන්න බැරි
එයාට රිදෙනවා ඇති
මට වගේම හුඟක් රිදෙනවා ඇති.""එයාට රිද්දන්න එපා.
ඒ හිනාව.ඒ දිලිසෙන ඇස්.
ඒවා උදුරගන්න එපා.""මේ පොත කියවද්දි
අමතක වුන හැම මතකයක්ම
හැම හැඟීමක්ම
මට ආයෙමත් දැනෙනවා.""දෙවෙනි පාරටත්
පියොනි මල් ඔයා වෙනුවෙන් හැදෙනවා.
මන් ඔයාට මේතරමට ආදරෙයිද?""මන් මගෙ පියොනි මලට කතා කළා.
මට එක තප්පරේකට ඔය ආදරේ දෙන්න බැරිද කියලා අහන්න හිතිලත් මන් ඒ වචන ගිලගත්තා.
ආදරේ කියන්නේ ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් නෙවේ."
YOU ARE READING
His Peonies | PJM | Short Chapters | ✔
Fanfictionඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021