1.

1.2K 219 0
                                    

"අල්ලපන් ඔය සමලිංගිකයව"

අවුරුදු 10 ක් පමණ වුණු ටේ ගේ පසුපස ඔහුගෙම වයස පිරිමි ළමයි ටිකක් ලුහුබැඳගෙන ආවා.

පුංචි කොල්ලට තවදුරටත් දුවන්න කිසිම පණක් තිබ්බේ නෑ.මොකද එයා හරියට කාලවත් නැති නිසා.ඒත් ඔහුට වඩා ශක්තිමත් එයාගේ වයසේ පිරිමි ළමයි ටිකගෙන බේරිලා එන්න ටේ සමත් වුණා.

"මේ කාලකන්ණියෝ මැරුම් නොකා දොර ඇරපන්"

ටේ දුවගෙන ගිහින් කඩ කාමරයක් අස්සට රිංග ගත්තා.

ඒත් අර පිරිමි ළමයි ටික එයාට හිරිහැර කරන එක නතර කළේ නෑ.

කඩයේ වීදුරු කවුළුවලට ගල්වලින් ගසමින් දොරවල්වලට පහර දෙමින් එයාලා ටේට හිරිහැර කරන්න උත්සාහ කළා.

"පස්සෙ දවසක බලාගන්නම් සමලිංගිකයෝ.දැනට තමුසෙ බේරුණා කියලා හිතාගන්නවා"

එහෙම කියපු කොල්ලො ටික එතනින් ඇවිදගෙන ගියත් තමන්ට ආයිත් එයාලා හිරිහැර කරනවා කියලා ටේ දැනගෙන හිටියා.

දාඩිය පෙරාගත්ත කොලු පැටියා මේ වෙද්දි ගොඩක් වෙහෙස වෙලා හිටියේ.

වෙන කාටවත් නැතුව තමන්ට විතරක් සමාජය වෛර කරන එක ගැන එයා තමන්ගෙන්ම අහන්න පටන් ගත්තා.බිත්තියට වාරු වෙලා  හිටපු පුංචි කොල්ලව තමාට නොදැනුවත්වම පොළොවට රූටලා ගියා.

ඒත් ඒ ඇස්වල හිරවෙලා තිබ්බ කඳුළු කැට බිමට වැටුනේ නෑ.මොකද ඒවා බිමට වැටුනොත් සීමාවක් නැතුවම ගලාගෙන යන නිසා.

පුංචි වුණත් ඒ හිතේ ගොඩගැහිලා තිබුණේ ලොකු ප්‍රශ්න.මොකද සමාජය පහර දුන්නේ ටේහියොන්ගේ හැඟීම්වලට.

සීමාවක් නැතුවම එයා එයාගේ සමවයස් ප්‍රජාවගෙන් බැට කෑවා.කිසිම හේතුවක් නැතුව එයාට දොස් පැවරුවා.පහර දුන්නා හිරිහැර කළා.

කවදාවත් එයා අගලවත් නැති නමක් කියලා.ඒත් එයාට විශ්වාසයි එයා එහෙම නෑ කියලා.ඒත් තමන්ට ඒ ගැන හිතන්නවත් අවසර නෑ කියලා එයා හිතුවා.

තනිකම,පාළුව සහ වේදනාව වගේ මහා එපාකරපු හැඟීම් ගොන්නකින් එයාව වෙලාගෙන තිබුණා.තමන්ව මේ ලෝකෙට ඉපදුණේ ඇයි කියලා ටේ හිතන්න ගත්තා.ඒත් එයාට කරන්න පුළුවන් වුණු එකම දේ බලාගෙන ඉන්න එක විතරයි.

එකපාරටම එතන තිබුණු ජනේලයකින් සද්දයක් ඇහුනා.ඒ ජනෙල් කවුළුව ඇරුණා.

"ඔයා කව්ද පොඩි ළමයෝ...?"

ටිකක් හැඩි දැඩියි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඒ ජනේලයෙන් ඇතුළට ආවා.

"ඔයා මොනවද මෙතන කරන්නේ?"

ඒත් ටේ ගේ කටින් කිසිම වචනයක් පිටවුණේ නෑ.

"ඔයා කියන්නේ නැද්ද?"

ආයිත් අර පිරිමි කෙනා ඇහුවා.

"ඔහ්..කමක් නෑ.අවුලක් නෑ.මම දවල්ට කන්න යනවා.ඔයත් එනවද?"

එහෙම කියපු ඒ ආගන්තුකයා කඩ කාමරයේ ඉස්සරහා දොර ඇරියා.

NEXT PART --->

Moonlight ♡ [Completed]Where stories live. Discover now