1.

739 190 4
                                    

"ටේයොන් මෙහෙ වරෙන්"

උදෑසනම නම්ජුන්ගේ ගෙදර ඉඳලා තමන්ගේ ගෙදරට ආපු ටේයොන්ගේ ඇඟට තමන්ගේ මව කඩාගෙන පැන්නා.තමන්ගේ මව දෙස පිළිකුල් සහගත බැල්මක් හෙලූ 18 හැවිරිදි ටේයොන් පටිපෙළ දිගේ ඉහළට නගින්න පටන ගත්තේ තම මව ගැන නොතකමින්.

"උඹට ජින් සල්ලි දුන්න නේද?"

ටේයොන්ගේ මව ඔහුගෙන් විමසුවා.

"නැහැ"

ටේයොන් උත්තර දුන්නා.

ගොඩක් දවස්වලට ටේයොන් නම්ජුන්ගේ ගෙදර ජීවත් වෙන්න යනවා.මොකද සමහර දවස්වලට ටේයොන් ගෙදර එද්දි ගෙදර ඇතුළතින් අගුලු දාලා.ඒ වහලා තියෙන්නෙත් මොකද කියලා ටේයොන් හොඳින්ම දන්නවා.ඒ නිසා ටේයොන් ඒ දවස්වලට නම්ජුන්ගේ ගෙදර රාත්‍රිය ගත කරනවා.

පුරුද්දක් විදියට ජින් ටේයොන් ගෙදරින් යනකොට මුදල් ටිකක් දෙන්නේ මොනවා හරි අරගෙන කන්න කියලා.මොකද කොල්ලට බඩ පිරෙන්න කෑමක්වත් ලැබෙන්නේ නෑ කියලා ජින් දන්නවා.ඒත් ඒ සල්ලි ටිකත් ටේයොන්ගේ අම්මා ඩැහැගන්නේ මස් වැදැල්ලකට කෙල හලන කපුටු දෙනක් වගේ.එයා ඒ සේරම මුදල් නිකරුනේ නාස්ති කරලා දැම්මා.රෑ එළිවෙනකම් යාළුවෝ එක්ක විනෝද වුණු,මත්ද්‍රව්‍ය ගත්ත එයාට තමන්ගේ දරුවව අවලංගු කාසියක් තරම්වත් වටින්නෙ නැති වුණා.

ඒත් ටේයොන් ඒ සල්ලි සේරම පරිස්සම් කරගන්න දැරුවේ හරිම නිරර්ථක උත්සාහයක්.

"බොරු කියන්න එපා.දීපන් මෙහාට.මමයි උඹගේ අම්මා"

එහෙම කෑගහපු ටේයොන්ගේ අතින් එයාගේ අම්මා සේරම සල්ලි උදුරලා ගත්තා.ටේයොන්ට ඒවා පරිස්සම් කරගන්න ලැබුණේ නෑ.

"මේ තියෙන්නෙ මොනවද එහෙනම්.මමයි උඹේ අම්මා.උඹ ගාව තියෙන සල්ලි විතරක් නෙවෙ උඹේ සේරම දේවල් මේ මගේ තේරුනාද?"

ටේයොන්ගේ අම්මා වියරුවෙන් මොර දුන්නා.මුදල් නැති වුණාම තමන්ගේ අම්මා තිරිසනෙක්ගේ තත්වෙට වැටෙනවා කියලා ටේයොන් දන්නවා.

කවදා මේ අපායෙන් ගැලවෙන්නද කියලා හිතන ගමන්ටේයොන් පඩි පෙළ නගින්න පටන් ගත්තේ තමන්ගේ මව දෙස අප්‍රසන්න ලෙස බලමින්.

Moonlight ♡ [Completed]Where stories live. Discover now