4.

761 191 9
                                    

නම්ජුන්ගේ ගෙදර විසිත්ත කාමරේ මේසයක් උඩ ටේයොන් වාඩිවෙලා හිටියේ ජින් සහ නම්ජුන් එක්ක.

එයා නිතරම එහෙ යන්න පුරුදු වෙලා හිටියේ ජන්කුක් ඇරුනම එයාගෙ හිත නිවෙන්නේ ඒ දෙන්නා ගාව විතරක් නිසා.

"Faggot කියන්නේ කාටද?"

ටේ නම්ජුන්ගේ මූණ දිහා බලලා ඇහුවා.

ඒත් එකපාරටම ටේ කලේ ජින්ගේ මූණ දිහා බලපු එක.ඒ දෙන්නගෙම ඇස් පුදුමයෙන් පිරිලා තිබුණේ.

"මො..මොකක්ද?"

නම්ජුන් ආපහු ඇහුවේ එයාට ඇහුණු දේ එයාට විශ්වාස නැති නිසා.

"Faggot කියන්නේ කාටද?"

ටේ ආපහු ඇහුවා.

ටික වෙලාවක් ජින් දිහා බලාගෙන හිටපු නම්ජුන් මෙහෙම කිව්වා.

"Faggot කියන්නේ සමලිංගික ගණිකා සේවය සපයන පිරිමි පුද්ගලයන්ට.ඒත් ඇයි ටේ එහෙම ඇහුවේ"

ඒත් ටේ බිම බලාගත්වනම හිටියා.එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් හම්බුණේ නෑ.සාමාන්‍යෙන් පොඩි ළමයෙක් මේ වගේ වචනයක් දැනගෙන ඉන්න එක ගැන නම්ජුන්ට ඇතිවුණේ පුදුමයක්.

"මම එතකොට faggot කෙනෙක්ද?"

ටේ නම්ජුන්ගේ ඇස් දිහා බලලා එහෙම ඇහුවා.

නම්ජුන් නිරුත්තර වුණා.ටේ කතා කරන්න සමාජය ඉස්සරහට එන්න බය වෙන හේතුව එයාට ටිකින් ටික වැටහෙන්න ගත්තා.

නම්ජුන් මෙහෙම කිව්වා.

"මෙහෙමයි.ඔයා ගේ එහෙම නැත්නම් සමලිංගික වෙන්න පුලුවන්.ඒත් ඔයා faggot කෙනෙක් නෙවෙයි තේරුණාද?"

නම්ජුන් හරිම කරුණාවෙන් එයාට කිව්වා.

ටේයොන් ටික වෙලාවක් කල්පනා කළා.

"ඔයා මත්ද්‍රව්‍ය වෙළඳාම් නේද කරන්නේ?"

ටේ ඇහුවේ නම්ජුන්ගෙන් ඒ වගේ ප්‍රශ්නයක්.

නම්ජුන් බිම බලාගත්තා.

"ඔව්.මම ඒවා තමයි කරන්නේ"

ඇත්තටම නම්ජුන් බලපත්‍ර තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරන්නේ.

"මගේ අම්මත් ඔයාගෙන් ඒවා ගන්නවා නේද?"

ටේ ඇහුවා.

"ඔව්.ඔයාගේ අම්මත් ගන්නවා"

නම්ජුන් කිව්වා.

"ඒක නේද මගේ අම්මා මම ඔයාව හම්බවෙන්න යනවට අකමැති වෙන්නේ"

ටේ ආයිත් ඇහුවා.

"ඔව්.එහෙම තමයි"

නම්ජුන් කිව්වා.

පුටුවවෙන් නැගිටපු ටේයොන් නම්ජුන්ගේ ගෙදරින් එළියට බැහැලා හෙමින් සැරේ යන්න ගියා.

"ටේ..ටේයොන්.ඔහොම ඉන්න"

"එයාට යන්න දෙන්න නම්ජුන්.එයා ආයිත් එනවා.බය වෙන්න එපා"

නම්ජුන් ටේයොන්ගේ පස්සෙන් යන්න හැදුවත් ජින් ඔහුව නැවැත්තුවා.

තමන් ටිකකට කලින් ටේයොන්ට කියපු දේ ගැන එයා පසුතැවිලි වෙන්න පටන් ගත්තත් ආයිත් ටේ තමන්ව හොයාගෙන එනවා කියන බලාපොරොත්තුව නම්ජුන්ගේ හිතේ තිබුණා.

A/N

ටේයොන්ගේ අම්මා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක්.ටේයොන්ගේ තාත්තා ටේයොන්ගේ අම්මව දාල යන්න පවා ලොකු හේතුවක් වුණේ ඒක.අන්තිමට ටේයොන්ගේ අම්මා ටේයොන්ව තනියෙන් හදාගත්තා.ඒත් ටේයොන්ට රැකවරණය,ආදරය දෙන්න තරම් එයා ශක්තිමත් වුණේ නෑ.මොකද එයා හොඳ සිහියෙන් හිටියේ හරිම පොඩි වෙලාවයි.

නම්ජූන්ට අසරණ ටේ ගැන ලොකු අනුකම්පාවක් දැනුනා.ටේයොන්ට සමහර දවස්වලට අම්මා රෑට ගහනවා.හොර මිනිස්සු නිතරම ගෙදරට එනවා.ළමයෙක්ට ඉන්න පුළුවන් පරිසරයක් නෙවෙයි ඒ ගෙදර තිබුණේ.ඒක නිසා නම්ජුන් ඒ දරුවට ආරක්ෂකයෙක් වෙලා ඒ අහිමිවෙන රැකවරණය දෙන්න තීරණය කලේ තමන්ගේ වගේ ළමා කාලයක් එයාට හිමිවෙන්න ඕනෙ දෙන්නෙ නැති නිසාමයි.

ටේයොන් කුලෑටි ළමයෙක්.එයා ගොඩක් වෙලාවට තනියම හිටියේ.ඒක නිසා නපුරු නැහැදිච්ච ළමයි එයාට සෑහෙන්න වෙනස්කම් කළා.සමලිංගිකයා,ගණිකාව ,අවජාතකයා වගේ වචන කියලා එයාව නිතරම රිද්දුවා.ඒත් ජන්කුක් ඒ ගොඩක් වතාවල්වලදි ටේයොන්ව බේරගත්තා.

ටේයොන් ඉස්කෝලේ ළමයි කරන කරදර සේරම ඉවසගෙන හිටියේ ජන්කුක් නිසා.ජන්කුක් කියන්නේ ටේයොන්ට විශේෂ යාළුවෙක්.ඒත් ජන්කුක්ට ටේ කියන්නේ තවත් එක යාළුවෙක් විතරයි.මොකද ජන්කුක්ට සෑහෙන්න යාළුවෝ හිටියා.ඒත් ටේට තමන්ව යාළුවෙක් විදියට පිළිගත්ත එකම කෙනා ජන්කුක් විතරයි.යාළුවෙක්ගෙන් තමන්ට ලැබෙන්න ඕනෙ ආදරේ එයාට දුන්නේ ජන්කුක් විතරයි.ඒක නිසා ටේයොන්ගේ හදවතේ ජන්කුක් ගොඩක් විශේෂ කෙනෙක් වුණා.

එයා මෙච්චර කල් ජීවත් වුණේ ජන්කුක් වෙනුවෙන් විතරයි.මොකද ජන්කුක් විතරයි ටේයොන්ට ජීවත් වෙන්න හේතුවක් දුන්නේ.

                

END OF CHILDHOOD

Moonlight ♡ [Completed]Waar verhalen tot leven komen. Ontdek het nu