3.

817 192 3
                                    

ටේ හිටියේ තමන්ගේ ගෙදර මිදුලට වෙලා සෙල්ලම් ඩෝසරයක් පදින ගමන්.ඒත් එකපාරටම ආපු නම්ජුන්ගේ සනී කාර් එක ටේයොන්ගේ ගෙදර ඉස්සරහ නතර කළා.

ටේයොන් ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.

"වටයක් ගිහින් එමුද?"

තමන්ගේ කාර් එකෙන් එළියට ඔලුව දාපු නම්ජුන් ඇහුවා.

ටේ පවා දෙපාරක් හිතන්නේ නැතුව වාහනේට නැග්ගා.

නම්ජූන් එයාව එක්කගෙන ගියා.උස කන්දකට.කඳුකර පරිසරයේ තියෙන හුළඟ පොඩි කොල්ලගෙ ඔලුවෙ පැටවිලා තියෙන බර ගොඩාක් නිදහස් කලා.අවුරුදු ගාණකට පස්සේ තමන්ට සැනසීමක් ලැබුනා වගේ හැඟීමක් ටේයොන්‍ට දැනුනා.

නම්ජුන් කාර් එක අරගෙන් ගියේ කන්දෙම පැත්තක තිබ්බ zip line එකක් දිහාට.කන්දක ඉඳලා තවත් කන්දකට කේබල් එකක එල්ලිලා යන්න පුළුවන් ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි zip line කියන්නේ.

"මේ මොකක්ද ?"

ටේයොන් ඇහුවා.එයාට කිසි දෙයක් හිතාගන්න පුළුවන් වුණේ නෑ.

"මේක zip line එකක්.ඔයා කලින් ගිහින් නැද්ද ?"

ඔයා කලින් ගිහින් නැද්ද ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම්ජුන් ටේගෙන් ඇහුවා.

ටේ ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.

"හරි.එහෙනම් අද යමු.හරිනේ?"

එහෙම කියපු නම්ජුන් ටේගේ අතින් අල්ලගෙන zip line එක දිහාට ගියා.

එතනින් පහළට විහිදිලා තියෙන අඩි 400ක් විතර උස ප්‍රපාතය දැක්කාම ටේයොන්ට පුදුම විදියට බය හිතුනා.ඔව්.සාමාන්‍ය ළමයෙක්ට එහෙම බයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්.

"මං...මං මේකේ යන්නම ඕනෙද අජුසිසී?"

ටේයොන් නම්ජුන්ගෙන් ඇහුවා.

Moonlight ♡ [Completed]Where stories live. Discover now