3.

700 188 2
                                    

"ස්තූතියි මාව ගෙනත් ඇරලුවට"

ටේයොන් කිව්වා.

ජනශුන්‍ය මුහුදු වෙරලෙදි වුණු දෙයින් පස්සේ ටේයොන්ගේ ගෙදර ගාවට එනකම් ඒ දෙන්නා අතර වැඩි කතාවක් තිබ්බේ නෑ.

"ආ..ඕක මොකක්ද ?"

ජන්කුක් කිව්වෙ ටේයොන්ගේ ඇස් දෙක දිහා බලාගෙන.

ටේයොන් ජන්කුක්ට වාහනේ ඇතුළින් අත දුන්නා.ඒත් ඒ වෙළුණු ඇඟිලි ගලවලා දාන්න ටේයොන්ට ඕන වුණේ නෑ.ඒත් එයාට ඒක කරන්න සිද්ධ වුණා.

ටේයොන් දෙස එක්වරක් බලලා සිනාසුණු ජන්කුක් එතනින් පිටත් වුණා.ඈත ජන්කුක්ගේ වාහනය නොපෙනිලා යනකම් ටේයොන් බලාගෙන හිටියා.

ටේයොන්ගේ මුහුණට සිනාවක් ආවා.එයා හිනා වෙවී තමන්ගේ නිවස ඇතුළට ගියා.වෙනදා වගේ ගෙදර ඇතුළින් අගුළු දාලා තිබ්බේ නෑ.ඒත් එක්කම එයා දැක්කේ තමන්ගේ අම්මා ගෙදර සෝෆා එකේ වැතිරිලා නිදාගෙන ඉන්නවා.

ටේයොන් වැටිලා තිබුණු ඇතිරිල්ල අරගෙන තමන්ගේ අම්මට පෙරෙව්වා.ඒත් එක්කම ටේයොන්ගේ මව ඇහැරුණා.

"ටේයොන්..මගේ පුතේ"

ටේයොන්ගේ අම්මා කතා කරන්න පටන් ගත්තා.

"හ්ම්ම්"

ටේයොන් කෙඳිරුවේ අකමැත්තෙන්.

"මෙහාට එන්න"

ටේයොන්ගේ මව තමන්ගේ පුතාගේ උරහිසින් අල්ලලා තමන්ට ලං කරගත්තා.ඔව්.ඇය මේ වෙලාවෙ හිටියෙත් බීමතින්.ටේයොන් අකමැත්තෙන් ඇයට ලං වුණා.

"මං ඔයාට ආදරෙයි පුතේ..මං...."

ඒත් එක්වරම ඇයට නින්ද ගියා.මත් ගතිය නිසාම වෙන්න ඇති කියලා හිතපු ටේයොන් තමන්ගේ මවට ඇතිරිල්ල පොරවලා තමන්ගේ කාමරයට ගියා.

තමන්ගේ බෑග් එක ඇඳ මතින් දාපු ටේයොන් තමන්ගේ දවස ගැන කල්පනා කලා.

ජන්කුක්ගේ හමුවීම තමන්ව කොපමණ දුරකට අරගෙන ආවද කියන එක ගැන එයා කල්පනා කළා.

ඒත් ජන්කුක්ගේ ආදරය,ස්පර්ශය තමන්ට මඟ ඇරෙනවා කියලා ටේයොන්ට කල්පනා වෙනවත් සමඟම කලින් නොදැනුණු වේදනාවක් ටේයොන්ට දැනුණා.ඒ ජන්කුක් දැනටමත් පෙම්වතෙක් කියන එක.තමන් කොච්චර හදවතින් ජන්කුක්ට ආදරේ කලත් ටේයොන් තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න තාමත් බය වුණා.

Moonlight ♡ [Completed]Where stories live. Discover now