1.

739 189 3
                                    

"සර්"

"හ්ම්ම්"

"කෝල් එකක්"

"කෝ දෙන්න"

ටේයොන් මයික්‍රොෆෝන් එක ගලවමින් තමන්ගේ සහයකයා අතින් ෆෝන් එක අතට ගත්තා.

"කියන්න අම්මේ"

"පුතේ..ටේයොන්"

"හ්ම්ම්.මම අහගෙන ඉන්නේ"

තමන්ගේ මව සමඟ කතා කරන ගමන් ටේයොන් තවත් සිගරට් එකක් පත්තු කරගත්තා.

"හෙට මාව බලන්න එනවද?"

තමන්ගේ මවගේ දුර්වල කටහඬ ඔහුට දුරකතනය තුළින් ඇසුණා.

"හ්ම්ම්.හෙට එන්නම්.මට හෙට වැඩ නැහැ"

"හ්ම්ම්.මම ආදරෙයි පුතේ"

"හ්ම්ම්"

ටේයොන් තමන්ගේ දුරකථනය විසන්ධි කළා.

"සර්...අපාර්ට්මන්ට් එකට යනවද?එහෙම නැත්නම් හොටෙල් එකක් බුක් කරන්නද?"

සහයකයා ටේයොන්ගෙන් විමසුවා.

"නැහැ.සැලෝන් එකට යමු"

ටේයොන් දුම් උගුරක් බොන ගමන් පිළිතුරු දුන්නේ තමන්ගේ ජැකට් එක දාගන්න අතරේ.

කිම් ටේයොන්.වෘත්තීය ඒකල ගායකයෙක්.කිම් ටේයොන් කියන්නේ කලින් හිටපු බෙයාට වඩා සෑහෙන්න වෙනස් පුද්ගලයෙක්.ශක්තිමත් කඩවසම් සිරුරක් තිබුණු ඔහු තමන්ගේ සිරුරේ අඟලක් නෑර ටැටූ කොටාගෙන තිබුණා.නිරන්තරයෙන් කළු චරිතයක් ලෙස සමාජ අවධානයට ලක් වුණත් ඔහුගේ කළු චරිතය හොයාගන්න නම් මාධ්‍යවලට හැකි වුණේ නෑ.තරුණියන්ගේ අවධානයට ඔහු නිරන්තරයෙන් යොමු වුණත් ගෙවුණු දශකය පුරාවටම ඔහු ඇසුරු කරපු තරුණියක් ගැන කාටවත් හොයාගන්න නොහැකි වුණා.

ඔහුව වඩාත් අවධානයට ලක් වුණේ තමන්ගේ නිර්මාණවල තිබූ ගැඹුරු අරුත් සහිත පද රචනා හේතුවෙන්.සමහරු ඒවා ඔහුගේ පෞද්ගලික අත්දැකීම් කියලා කිව්වත් තවත් සමහරු කිව්වේ ඔහුගේ සමාජ දෘශ්ටි කෝණය කියලා.

කිසිම කෙනෙක් මේ වන තෙක් ටේයොන්ව මිතුරෙක් විදියට හෝ හිතවතෙක් ලෙස ඇසුරු කළ කෙනෙක්ව හොයාගන්න අසමත් වෙලා තිබුණා.ටේයොන් කොන්සට් එකෙන් පස්සෙ අතුරුදන් වන ගුප්ත චරිතයක් විදියට තමයි හැඳින්වුණේ.

Moonlight ♡ [Completed]Where stories live. Discover now