-03-

1K 294 19
                                    

ජන්ග්කුක් සාලෙට ඇවිත් අම්මා ඉස්සරහ වාඩි වුනා..

"මොකක්ද අම්මට කතා කරන්න තියෙනවා කිව්වෙ..."

ජන්ග්කුක් කකුලක් පිට කකුලක් දාගෙන ඔලුව මසාජ් කරන ගමන් ඇහුවා..

"පුතා ඔයාට මැරේජ් ප්‍රපෝසල් එකක් ආවා...."

ජොන් මහත්මිය කියද්දි ජන්ග්කුක් ඔලුව මසාජ් කරන එක නවත්තලා ඇහිබැමක් උස්සලා අම්මා දිහා බැලුවා..

"අනේ අම්මා...මේ කීවෙනියද...මට මතක විදියට කලින් කෙනා විසිනවය...මෙයා තිස් වෙනියා...මට මගුල් හොයන එක අම්මට එපා වෙන්නැද්ද ආහ්....ඕවා ගැන කතා කලාම ඔලුවෙ කැක්කුම තවත් වැඩි වෙනවා..."

ජන්ග්කුක් කියවගෙන ගියේ මැරේජ් ප්‍රපෝසල් එයාට තිත්ත වෙලා තිබ්බ නිසා..

"මං කියනවට මේ ෆොටෝ එක බලන්න..... ගොඩක් ලස්සන නිවුනු ළමයෙක් වගේ....ඒ ළමයා ගැන හිතලා බලන්න පුතා...මගෙ නම් අකමැත්තක් නෑ..."

ජොන් මහත්මිය ජිමින්ගෙ ෆොටෝ එක ජන්ග්කුක්ට දික් කලා..

"අම්මා ඔයා කලින් අයටත් මෙහෙමයි කිව්වෙ..මට නම් තිත්ත වෙලා දැන්..."

ජන්ග්කුක් ඕනවට එපාවට ෆොටෝ එක දිහා බලලා අම්මට එහෙම කිව්වා..

ජන්ග්කුක් එයාගෙ තියුණු ඇස් ආයෙමත් ෆොටෝ එකට අරන් ගිහින් ආයෙමත් ඒක බැලුවා..

ජන්ග්කුක් එයාගෙ තියුණු ඇස් ආයෙමත් ෆොටෝ එකට අරන් ගිහින් ආයෙමත් ඒක බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කොල්ලා ලස්සනයි....."ජන්ග්කුක්ගෙ යටිහිත එහෙම කිව්වා..

ජන්ග්කුක් ෆොටෝ එක දිහා බලාගෙන හිටියෙ ඒක ගිලලා දාන්න වගේ.. මෙච්චර වෙලා බැන බැන හිටිය ජන්ග්කුක් ෆොටෝ එක දිහා අවධානෙන් බලාගෙන ඉද්දී ජොන් මහත්මියට පුදුම හිතුනා..

"පුතා...ඒ ළමයා ගැන මොකද හිතන්නේ...?"

ජන්ග්කුක්ගෙන් සද්දයක් නැති තැන ජොන් මහත්මිය ඇහුවා..

"අහ්..එයා...එයා නම් ටිකක් විතර හොදයි වගේ...."

ජන්ග්කුක් කියද්දි ජොන් මහත්මිය ලාවට හිනා උනේ මේක හරිගියොත් හොදයි කියලා හිතන ගමන්..

"එහෙනම් මම මිස්ටර් පාක් ගෙ ගෙදර යන්න දිනයක් දාගන්න ද..?"

"අහ්....හරි....."ජන්ග්කුක් ෆොටෝ එක දිහාම බලාගෙන ඔලුව වැනුවා..

"කෝ ඔය ෆොටෝ එක දෙන්න පුතා...."

"අහ්...මේක...මේක මම තියාගන්නම් අම්මා...."

ජන්ග්කුක් එහෙම කියලා ෆොටෝ එකක් අරගෙන එයාගෙ කාමරේට එන්න ආවා..

"හ්ම්ම්.......කොල්ලට සිකුරා ලබලා වගේ..."

සාලෙන් යන ජන්ග්කුක් දිහා බලාගෙන ජොන් මහත්මිය හිතුවා..

________________________♡︎♡︎________________________

Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now