-14-

793 229 15
                                    

කාලය හිමීට ගත වෙලා ගියා..ජොන් පවුලෙ පුංචි පුංචි රණ්ඩු ඇති නොවුනමත් නෙමෙයි.. හැබැයි ජන්ග්කුක්ගෙ ඉවසීම නිසා එයා ඒවා දරාගත්තා..ජිමින් පොඩි දේටත් ජන්ග්කුක් එක්ක රණ්ඩු වෙනවා..ඒ අතරෙ ජොන් මහත්මියගේ සෞඛ්‍ය තත්වයත් එච්චර හොදින් නෙමෙයි තිබ්බෙ..

එයාගෙ අන්තිම කැමැත්ත උනේ කායිගෙ විවාහය සිද්ද වෙනවා බලන්න..කායි එයාට ගැලපෙන ලස්සන ගෑනු ළමයෙක් එක්ක විවාහ උනා..ඒක නිසා ජොන් මහත්මිය නම් සතුටින් හිටියේ..කායි එයාගෙ බිරිද එක්ක වෙනම ගෙදරකට ගියා.. ජොන් මහත්මියවත් කායි එක්කගෙන ගියා..ජිමින්ගෙ නොරිස්සුම් ගතිය නිසා ජොන් මහත්මියගෙ හිත රිද්දන්න කායි අකමැති උනා..

"අම්මා..මං ඉක්මන් ඔයාව බලන්න එන්නම්...."

ජන්ග්කුක් එයාගෙ අම්මා කායි එක්කං යන්න කලින් අවසාන වතාවට බදාගෙන කිව්වා..

"පරිස්සමින් ඉන්න පුතා..ජිමින්වයි බබාවයි බලාගන්න...."

ජොන් මහත්මිය ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..එයාටත් ජන්ග්කුක්ව දාලා යන්න හිතක් නෑ..

ජිමින්ගෙ අතේ හිටිය අවුරුද්දක් වයස සූ බින් එයාගෙ ආච්චිගෙ අතට පැනලා එයාට තුරුල් උනා..

"ආචි...."පොඩ්ඩා වචන එකතු කරගෙන කිව්වා..ජොන් මහත්මිය සූබින්ගෙ ඔලුව අතගාලා කම්මුල් වලට හාදු තැවරුවා..

"පරිස්සමින් ඉන්න ජිමින්....."

ජොන් මහත්මිය ජිම්න්ගෙ අතකින් අල්ලගෙන කිව්වා..එයා හිමීට ඔලුව වැනුවා..

"අම්මා..මට සමාවෙන්න..මම කලින් හැසිරුනු විදිහ වැරදියි..."ජිමින් ජොන් මහත්මියව බදාගෙන අඩන්න ගත්තා..

"තරහව පාලනය කරගන්න පුරුදු වෙන්න පුතා.. නැත්තං ඉස්සරහට ඔයා ආදරේ කරන දේවලුත් ඔයාට නැති වෙයි...."

ජොන් මහත්මිය ජිමින්ට අවසානෙ වශයෙන් උපදෙසක් දුන්නා..

කායි එක්ක ජොන් මහත්මිය යන දිහා ජන්ග්කුකුයි ජිමිනුයි සූබින්ව තුරුලු කරගෙන බලාගෙන හිටියා..

ජන්ග්කුක් දිග සුසුමක් පිට කලා..

"ජන්ග්කුක් මට සමාව දෙනවද..?"

ජිමින් අන්තිමට ජන්ග්කුක්ගෙ පපුවට මූණ ඔබාගෙන ඇහුවා..

"හ්ම්...දැන් අඩන්නැතුව ඉන්න...."ජන්ග්කුක් ජිමින්ගෙ කදුළු පිහිදන ගමන් කිව්වා..



_________________________♡︎♡︎_______________________

Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now