-19-

729 221 16
                                    

සඳුදාවක ජන්ග්කුක් උදේම නැගිට්ටෙ කාර්යාලයට යන්න.එලාම් එක නිසා ජිමින්ටත් ඇහැරුනා.එයා ජන්ග්කුක්ට අරන් යන්න කෑම හදලා කිරි එකත් අරගෙන කාමරේට එද්දි ජන්ග්කුක් ලෑස්ති වෙලයි හිටියෙ..

"ඔච්චර හැඩ බලන්නෙ ඇයි අද විශේෂ ද..? කෙල්ලෙක්...."

"ජිමින්...!!"

කණ්නාඩිය ඉස්සරහට වෙලා කමිසෙ කොලර් එක හදන ගමන් හිටිය ජන්ග්කුක් ජිමින්ගෙ කතාවත් එක්ක ඇහිබැමක් උස්සගෙන ඒ පැත්ත බැලුවා..

"ම්ම්...ජිමින් තමයි..."

ජිමින් කිරි එක ජන්ග්කුක් අතට දෙන ගමන් කිසිම ගානක් නැතුව කිව්වා..

"ඔයා මොනා ද මේ උදේ පාන්දරම කියන්නේ..ඔයාට මාව සැකද...?"

ජන්ග්කුක් පුදුමෙන් අහද්දි ජිමින් ජන්ග්කුක්ගෙ කොලර් එක හදලා කටකොනේ දගකාර හිනාවක් තියාගෙන එයා දිහා බැලුවා..

"විහිළුවක්....."ජිමින් හිනාවෙලා කිව්වත් ජන්ග්කුක්ට ඒක ඇල්ලුවෙ නෑ..

"ආයෙ ඔය වගේ විහිළු කරන්න එපා ජිමින්..දන්නවනෙ මං ඔයාට කොච්චර ආදරෙයි ද කියලා..."

ජන්ග්කුක් මැලවෙච්චි කටහඩකින් කියද්දි ජිමින් ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකලා තොල් වලට චූටි හාදුවක් තිබ්බා.

"ඔයා බබෙක්ට අන්තයිනෙ......"

ජිමින් එහෙම කියලා කාමරෙන් එලියට ගියා..ජන්ග්කුක්ගෙ මූණ තාමත් මැලවිලා ජිමින්ගෙ කතාව නිසා.

ජන්ග්කුක් කිරි එක බොන්න ගත්තා.එකපාරටම එයාට කැස්සක් හැදුන නිසා තව ටිකෙන් කිරි එක ඉස්මොල්ල යනවා..

"ක්කැහ්...ක්කැහ්............."ජන්ග්කුක් දිගටම කහින්න ගත්ත නිසා ඒ සද්දෙට ජිමිනුත් කාමරේට ආවා..

"හරි සිහියෙන් ඉන්නකො ජන්ග්කුක්..වෙන වෙන ලෝකවල ඉද්දි ඔහොම තමා වෙන්නේ...."

ජිමින් ජන්ග්කුක්ගෙ පිට අතගාන ගමන් කිව්වෙ තරවටු කරනවා වගේ.. ටිකකින් ජන්ග්කුක්ට කැස්ස නැවතුනා..

"කවුද දන්නේ කාගෙ සිහියෙන් ඉන්නවද කියලා...."

ජිමින් එහෙම කියලා ගස්සගෙනම කාමරෙන් යන්න ගියා..ඒක අහලා ජන්ග්කුක්ට ආයෙමත් කැස්ස හැදුනා..

"එයාට මාව සැකද....?? මං මෙච්චර ආදරේ කරලත්....!!"

හිතට ලොකු වේදනාවක් දැනෙද්දි ජන්ග්කුක් පපුවත් අල්ලගෙනම ඇඳ උඩ වාඩි වුනා..


_______________♡︎♡︎______________

Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now