-10-

971 269 22
                                    

සති කිහිපයක් ගත වෙලා ගියා..ගෙවුනු දවස් කිහිපය ඇතුළත ජන්ග්කුක්ගෙ හිත තුළ තමන්ගෙ ආදරණීය බිරිඳ ගැන ලොකු සෙනෙහසක් වගේම ආදරයක් ඇති උනා..එයා උදේ රැකියාවට යන්නේ ගෙදර තියෙන ලොකු වැඩ ජිමින්ට කරන්න දෙන්න එපා කියලා එයාගෙ අම්මට කියන ගමන්.. ජන්ග්කුක් ආස නෑ එයාගෙ ලස්සන ජිමින් වැඩ කරන්න මහන්සි වෙනවට..එයාගෙ සිනිදු අත් රළු උනොත්..

ජන්ග්කුක් එයාගෙ සුළු ආදායමට හරියන විදිහට නිවසේ වැඩ කරන්න සේවිකාවක් ගත්තා.. ඒකෙන් ජන්ග්කුක්ගෙ අම්මටත් පහසුවක් උනා..

දවසක් උදේ ජන්ග්කුක් වැඩට යන්න ලෑස්ති වෙනකොට එයාගෙ ඇඳුම හරි ගස්සමින් හිටිය ජිමින් එක පාරටම කටත් අතින් තද කරන් කාමරෙන් එළියට දුවලා ගියා..

"ජිමින්....!!"

කලබල උනු ජන්ග්කුක් ජිමින්ගෙ පස්සෙන් ගියේ එයාට මොකද උනේ බලන්න..ජිමින් වමනෙ කරනවා දැකලා ජන්ග්කුක් ජිමින්ගෙ ළගට ගිහින් පිට අතගෑවා..

සද්දෙ ඇහිලා බාත්රූම් එක පැත්තට ආව ජන්ග්කුක්ගෙ අම්මගෙ මූණෙ සතුටු හිනාවක් ඇදුනෙ ජිමින් වමනෙ කරනවා දැකලා..

"ඒකත් හරි වගේ..." එයා හිතුවා..

"අම්මා..ජිමින්ට කෑමක් ඇලජික් වෙලා වගේ..මං ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්නම්..."

ජන්ග්කුක් ජිමින්ව එක්කගෙන ඇවිත් සාලෙ කුෂන් පුටුවක ඉන්දන ගමන් කිව්වා..

"හේතුව නම් මම දන්නවා පුතා..කෝකටත් ඩොක්ටර්ට එන්න කියන්න..."

ජන්ග්කුක්ට අම්මා කියපු දේ හරියට නොතේරුනත් එයා පුලුවන් ඉක්මනට ඩොක්ටර්ට කෝල් කරලා ගෙන්නගත්තා..

පැයක් විතර යනකොට ඩොක්ටර් ඇවිත් ජිමින්ව චෙක් කරලා ජන්ග්කුක් දිහා බැලුවේ සතුටු හිනාවක් තොල් අතර තියාගෙන..

"ඩොක්ටර් මගෙ වයිෆ්ට කොහොමද...?"

ජන්ග්කුක් නොසන්සුන් හඩකින් ඇහුවා..

"කලබල වෙන්න දෙයක් නෑ මිස්ටර් ජන්ග්කුක්...ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ..."

ඩොක්ටර් කියද්දි ජන්ග්කුක් සතුටට ඩොක්ටර්ව බදාගෙන එයාට ස්තූති කලා.. ජන්ග්කුක්ගෙ අම්මා එයා ළගට ඇවිත් පිට අතගාලා සතුට ප්‍රකාශ කලා..

ජිමින් නම් බිම බලාගෙන ලැජ්ජාවෙන් ඇබරෙනවා...

ජිමින් ළගට ආව ජන්ග්කුක් එයාව බදාගෙන නළලට හාදුවක් දුන්නා..

"මට සතුටුයි..."ජන්ග්කුක් මිමිණුවා..


________________________♡︎♡︎________________________

Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now