-17-

788 228 29
                                    

"ජන්ග්කුක්..!! ඔය පොටෝ එක පැත්තකින් තියලා කාරාට මේ කෑම එක කවන්න උදව් කරන්න ..මට තනියම මේ ළමයි බලාගන්න බෑ..චුට්ටක් තේරුම් ගන්න.."

අවුරුද්දක් වයසැති තමන්ගෙ පුංචි දියණියගෙ කෑම එක ජන්ග්කුක්ගෙ අතට දීලා ජිමින් ගස්සගෙනම එතනින් යන්න ගියා.ජන්ග්කුක් සුසුමක් පිට කරලා තමන්ගෙ අනිත් අතේ තිබ්බ ජොන් මහත්මියගේ පොටෝ එක එතන තිබ්බ ස්ටෑන්ඩ් එක උඩින් තියලා කාරාට කවන්න ගියා.

ජිමින්ගෙ වගේම රන්පැහැ හිසකෙස් තිබ්බ පුංචි කාරා,ජන්ග්කුක් එතනට ආවම අතපය විහිඳුවමින් ලස්සනට හිනා වුනා.ලාවට ඇවිත් තියෙන කිරිදත් පෙන්වමින් හිනාවෙලා කාරා ජන්ග්කුක්ගෙ ඇගිල්ලක් අල්ලගත්තා..

"චූටි පැටියට බඩගිනීද..එන්න පපා කවන්න..?"

පුංචි කාරාව වඩාගත්ත ජන්ග්කුක් එයාට කෑම කවන්න ගත්තා.
.
.
.
.
.
"අනේ මමා..මගෙ කන අතාරින්නකූ..සිදෙනවා අලේ...මම හිතලා නෙමෙයි ඒක කලේ..ආවි....ආහ්....පපා මාව බේරගන්නකූ......ඈඈඈහ්....මමා මට ගහනවා.....ඈඈඈහ්.........ආව්ව්ව්....."

අවුරුදු හතරෙ පුංචි සූබින්ගෙ කනෙන් අල්ලගෙන ජන්ග්කුක් ඉන්න කාමරේට එක්ක ආව ජිමින් මූණත් හරහින් පුම්බගෙන සූබින්ගෙ පස්සට පාරක් දුන්නා..

ඇඩිල්ල ඇහිලා ඒ දිහා බැලුව ජන්ග්කුක් කාරාව ඇඳ උඩින් තියා ඒ දිහාවට දුවගෙන ආවා..

"ජිමින්...!! මොනාද ඔය ළමයගෙ කනෙන් අල්ලගෙන කරන්නේ..අතාරිනවා එයාව..."

ජන්ග්කුක් ජිමින් ළගට ඇවිත් ජිමින්ගෙ අත ගසලා දාලා සූබින්ව තුරුල් කරගත්තා.

"තමුන්ට පිස්සුද මේ පොඩි එකාට ගහන්නෙ...?"

පුංචි සූබින්ගෙ ඇඩිල්ල දරාගන්න බැරි වුන ජන්ග්කුක් ජිමින්ට රවලා ඇහුවා..

"හහ්...තමුන්ගෙ මහලොකු පුතණ්ඩියා සතියක් කන්න තිබ්බ පිටි එක කුස්සිය පුරා හලලා.. ඉතින් තමුන් කියන්නේ කොල්ලව වඩාගෙන හුරතල් කරන්න කියලද.....?"

පපුව හරහා අත් දෙක බැදගත්ත ජිමින් ජන්ග්කුක්ගෙ ඇඟට කඩාගෙන පැන්නා..

"ඇත්ත ද පැටියො මමා මේ කියන්නේ...?"

ජන්ග්කුක් සූබින්ගෙ කඳුලු පිහදාන ගමන් ඇහුවා..

"මම හිතලා කලේ නෑ පපා..එතතට මගෙ සෙල්ලම් බෝලෙ විසිවුනා..ඒක ගන්න ගියාම ඒක වැටුණා....ඈඈඈහ්...මට ගාන්න එපා පපා..."

සූබින් අඩ අඩම ආයෙමත් ජන්ග්කුක්ට තුරුල් උනා..

"ඉතින් පුතාට කාටහරි කතා කරන්න තිබ්බනෙ ඒක අරන් දෙන්න කියලා..ඇයි එහෙම කලේ නැත්තේ...?"

"මමා බනීවි කියලා කිව්වෙ නැත්තෙ පපා..මට සමාවෙන්න...."

"ශ්ශ්ශ්...දැන් අඩන්න එපා මැනික..එන්න අපි යමු.."

පුංචි සූබින්ව වඩාගත්ත ජන්ග්කුක් එයාව කාරා ළගින් තිබ්බා.

"නංගිත් එක්ක ඉන්න..."ජන්ග්කුක් සූබින්ගෙ ඔලුව අතගාලා කිව්වම එයා හිමීට ඔලුව වැනුවා.

ජිමින් ළගට ගිය ජන්ග්කුක් එයාගෙ අතින් ඇඳගෙන කාමරෙන් එලියට ආවෙ පොඩි උන් ඉස්සරහ සැරෙන් කතා කරන එක හොඳ නැති නිසා..

"ජිමින්..තමුන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියනවා..දැක්කද ඒ ළමයා තමුන්ට බය වෙලා තියෙන තරම..තමුන්ගෙ බඩෙන් ආපු ළමයෙක් නේද..ටිකක් ආදරෙන් කතා කරලා වැරැද්ද පෙන්නලා දුන්නම කටේ ගෙඩි දානවද..ආයෙ ළමයින්ට ගහලා තිබ්බොත් එදාට තමුන් මේ ගෙදරින් එලියට බහින්න බලාගෙන ඉන්නවා..."

ජිමින්ට කිව්ව ජන්ග්කුක් ජිමින්ට වචනයක්වත් කියන්න නොදී එතනින් යන්න ගියා..


_______________♡︎♡︎______________

Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin