'' තමුසේ පැනලා යනවා ද ? ''
එසැණින් තමාව බිම පෙරළා හිරකරගත් ව්‍යාඝ්‍රයා කවුරුන්දැයි මෙවන් වටහා ගත්තේ ය. එසේ නම් ඔහු තමා පසුපස මෙතරම් දුරක් ලුහුබැද ඇත. මෙවන්ගේ දෑතම දේවන්තගේ ග්‍රහණයට හසුව පොළොවට තදව තිබුණේ ය. දේවන්තගේ පැනය ඍජු වූ මුත් මෙවන් පිළිතුරු නුදුන්නේ ය. පිළිතුරු දීමට තරම් උවමනාවක් ඔහු තුළ නොවී ය. හිතම හිස් හැගීමකින් පිරී ගොස් තිබුණේ ය.
මෙවන්ගේ හිස් දෑස , ප්‍රථම වතාවට දේවන්ත කෙරේ බියෙනැළල සිතිවිලි අැති කළේ ය. විනෝදකාමී දිලිසෙන දෑස් ඇති සුරතල් කොලු ගැටයාගේ දෑස්වල වූ හිස් බවත් , සිතෙහි වූ දැඩි ගතියත් දේවන්ත නිරුත්තර කර දැමුවේ ය. ඔහු මෙවන්ව මුදා හැරියේ ය.
'' මෙවන්.. '' දේවන්ත අදුරේම තෙත සහිත පොළොවේ අසුන්ගෙන මිමිණුවේ ය.
'' වට් ඩු යු වෝන්ට් මි ටූ ඩු සර් ? ෂුඩ් අයි අන්ඩ්රෙස් මයිසෙල්ෆ් ? '' මෙවන් එලෙසම වැතිර සිට විමසුවේ ය. ඔහු වදන්වල උපහාසයක් හා යටහත් බවක් ගැබ්ව තිබුණද හීසර සේ දේවන්ත වෙත එල්ල වූ වගට සැක නැත.
'' මෙවන් ! '' දේවන්තගේ හඩ එවර තරවටුවක ආකාරයක් ගත්තේ ය.
'' සොරි සර්.. '' සිය සිරුරේ ශක්තිය හීනව ගිය තැන මෙවන් වැතිර සිටම මිමිණුවේ ය.
'' උබට සර් ඇරෙන්න වෙන එකක් කියවෙන්නේම නැද්ද ? '' දේවන්තට පෙරම ඔහුගේ හඩ ඉස්සර විය.
'' සර් , ඉහළ නිළධාරින්ට.. ''
'' ෂට් අප් මෙවන් ! අයි සේ ෂට් අප් නව් !!! '' දේවන්ත අතට හසුවූ පස් ගොඩ වනය දෙසට දමාගසමින් පැවසුවේ ය.
මෙවන් නිහඩ විය. තවමත් මුවෙහි රැදී ඇති අපුල රස පරයා ඔහු දැඩි සීතලකින් වෙලී යන්නට විය. සිරුරද මදක් සීතලට ගැස්සුන ද ඔහු නිසොල්මනේ එලෙසම සිටියේ ය. කැලෑවෙහි රැහැය්යන් හඩලන ශබ්දය මෙවන්ට දැන් දැන් හොදින්ම ඇසේ..
'' මෙවන්..'' දේවන්තගේ ස්වරය පෙරට වඩා හාත්පසින් වෙනස් විය. ඔහු සන්සුන්ව ඇති සෙයකි. මෙවන් අපහසුවෙන් හිස එදෙසට හැරවූයේ ය. දේවන්ත මෙවන් සේම කොළ රොඩු පොළොව මත වැතර සිටියේ ය. ඔහු දැඩි කල්පනාවක වූ අතර අසාමාන්‍ය ලෙස නිහඩ විය.
YOU ARE READING
o⊙ -අභිමෙවන් -⊙o
General Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැ...