囧- එකළොස්වන වෙඩිල්ල -囧

1.1K 213 121
                                    

ඈතින් විටෙන් විට නිහඩතාවය බිදිමින් ඇසෙන්නා වූ වෙඩි හද මැදින් උලලේනාගේ හැඩලීම දේවන්තගේ සවන් විනිවිද ගියේ ය. රාත්‍රිය කෙරම් නිසසල වුව ද නින්දක සලකුණු හෝ දේවන්ත කෙරේ නොවී ය. හමුදා කදවුරු තුළ ඔවුන් ආරක්ෂිත බව දේවන්ත දැන සිටිය ද ඔහුගේ සිත කුමක් හෝ නොදන්නා අදුරු හැගීමකින් වෙළි යමින් තිබුණි.

ඔහු කුඩා මෙට්‍රස් එක මත අනෙක් පස හැරුනේ සිය සිරුරෙහි වූ අපහසුව මග හරවා ගැනීම පිණිස විය. තමාට එහා පසින් නිදන හිමාලි දෙස ඔහු මොහොතක් බලා සිටියේ ය. අඩඅදුරේ වුව ද රාත්‍රී සිල්ක් ඇදුමෙන් ඉස්මතුව පෙනෙන ඇගේ අලංකාරය දෙස දේවන්ත මොහොතක් බලා සිටියේ ය. ඔහු නිහඩව හිමාලිගේ සිරුර මතින් අතක් දමා ඇයව සමීපයට ගත්තේ සිතෙහි අවිනිශ්චිත හැගීම් සදහා සහනයක් බලාපොරොත්තුවෙනි.

'' නිදි නැද්ද ඔයා ? '' හිමාලිගේ ක්ෂණික හඩින් දේවන්ත තිගැස්සී ගියේ ය. ඇය ද එසේ නම් අවදියෙනි. දේවන්ත කිසිවක් නොපවසා විශාල සුසුමක් හෙළුවේ ය.

'' මොකක් හරි හිතට වද දෙනවා ද ? '' හිමාලි සෙමින් විමසුවා ය. දේවන්තගේ කලබලකාරී  ස්වභාවය හදුනා ගැනීමට හිමාලිට අපහසු නොවිණ.

'' එ් වගේ..'' දේවන්ත කෙටියෙන් පිළිතුරු ලබා දුන්නේ හිමාලිව මගඅරිමින් අනෙක් පස හැරෙමිනි. තම මව හා පියා ද වෙන් වෙන් වූ මෙට්‍රස් මත ආරක්ෂිත වග දුටු දේවන්ත සැනසුම් සුසුමක් හෙළුවේ ය.

'' බය වෙන්න දෙයක් නැහැනේ දේව්.. හැමෝම ළගම තියන කෑම්ප්වල නේද ? '' හිමාලි විමසනු දේවන්තට ඇසුණි.. ඔහු ද නිහඩව සුසුමක් හෙළුවේ ය. සිය පවුලම මෙහි ආරක්ෂිත ය. මෙවන් දියතලාව පුහුණු කදවුර තුළ ආරක්ෂිත ය. ඉදින් ඔහුට වද වීමට කිසිදු හේතුවක් නොවී ය. කොහින් ඇරඹුව ද සියල්ලෙහි කෙළවර මෙවන් විය.

''මෝඩ කොල්ලා රෑට කෑවාද දන්නෑ,. '' දේවන්ත  තමාගෙන්ම විමසුවේ ය. නමුත් පිළිතුරක් නැත.

'' එකත් එකටම සීනියර්ස්ලාගෙන් අහගන්නවා ඇති කන පැලෙන්න.. පිස්සා.. '' දේවන්ත අපහසුවෙන් සිනාසුණේ ය.

'' නුවිදු බලනවා ඇති නේද එයා ගැන ? '' දේවන්ත නොහිතාම ඔහුගේ මුවින් නික්මුණේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now