囧- දසවන වෙඩිල්ල -囧

1.1K 196 87
                                    

රජය , 87 වසරේ අගභාගය වන විටම අළු යට පුපුරු ගසමින් තිබූ ජවිපේ කැරැල්ල හැදින්නෝ ය. 71 අප්‍රියෙල් කැරැල්ල නිමාවට පත් වූයේ ගිනි පුළිගු ද අළු යට සගවමිනි. උතුරේ බෙදුම්වාදී ප්ලොට් සංවිධානය , ඊරෝස් සංවිධානය විසින් ප්‍රහුණුව ලබාදුන් දේශපාලන වාසි තකන වාමාංශික පක්ෂවල ප්‍රා කල්ලි , දකුණේදී ආයුධ සන්නද්ධව කහ බළල්ලු , කොළ කොටි වැනි සංවිධාන බිහි කළහ. සෑම යුධ හමුදා කදවුරක්ම පාහේ වධකාගාර සේම විය.

අනෙක් පසින් රජයෙන් ලැබූ අණින් අසරණ වූ යුධ හමුදා , පොලිස් බටයන් ජවිපේ තරුණයන් මරාදමද්දී , ජවිපය තවත් දරුණු විය. හමුදා පවුල්වල අහිංසක හයහතර නොදත් සියලු දෙනා පවුල් පිටින් සමූල ඝාතනය කළේ ය. හමුදාවෙන් සුළුතරයක් ඉල්ලා අස්වුව ද සියයට අනූනමයක බහුතරය තවමත් රට වෙනුවෙන් පෙනී සිටියහ . ඉදින් රටවෙනුවෙන් පවුල් කැප කර ආ හමුදා නිළධාරින් වියරු වැටීම අරුමයක් ද ? මෙතක් කල් ජවිපෙට අනුකම්පාවක් දැක්වූ බොහෝ තරුණයන් ද මෙකී පවුල් සමූල ඝාතනය හේතුවෙන් වියරු වැටුණේ ය. ඉදින් ඔහු ගින්දරට ගින්දරෙන්ම පිළිතුරු දීම ආරම්භ කළේ , සම්පූර්ණ රටේම තරුණ ප්‍රජාව හංදියක් හංදියක් ගානේ ටයර් සෑ මතින් දවමිනි. යුධ හමුදාව ද , සිවිල් වැසියන් ද කිසිවෙකුත් නොදන්නා තරුණයන් ද , අතරින් දැවී ගියේ රටේ තාරුණ්‍යයම විය.

ආරක්ශක අංශවලින් පලා ආ අතැමෙක් ජවිපෙට සම්බන්ධ පිරිස් තරුණයන්ට අවි පුහුණුව ලබාදීම ඇරඹූයේ රට දෙපසකින් යුද්ධයකට මැද කරමිනි. පුහුණු කඳවුරු මොනරාගල, පොතුවිල්, අම්පාර, ත්‍රිකුණාමලය හම්බන්තොට, රත්නපුර, දඹුල්ල, මාතලේ, සිංහරාජ, හම්බේගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක විය. රටම අදුරේ ගිලී යන භයානක සමයක සැවොම අපහසුවෙන් හුස්ම ගත්තෝ ය.

ඉදින් එකදු තරුණයෙකු වටහා නොගත් කරුණ නම් , තවත් හැත්තෑවසරකටවත් මෙරටට නැගී සිටීමට ඉඩ නොදෙන අයුරින් තරුණ පරපුර විනාස කරලීමට පටු දේශපාලන කල්ලි තුල වූ අභිප්‍රාය විය. එකල්හි ඔවුන් එය වටහා ගත්තේ නම් මෙකී ශෝක ජනක මරණයන් බොහෝමයක් සිදු නොවනු ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම හේතුකොටගෙන මිය ගිය ගණන ද සුළු පටු නොවී ය. සම්පූර්ණ ස්වාධීන නිජබිමක් වූ මෙරට ඉන්දියාව ඉදිරියේ දණ නැමුවේ අන්ත අසරණ ස්වභාවයකිනි. ඉදින් මේ ජවිපේ තරුණයන් හා යුධ හමුදාව එක්ව අරගලයට යෙදු වෑයම තවමත් මුල් ඇදෙමින් තිබූ ඊලාමය පැරදවීමට යෙදුවේ නම් , යුද්ධය අවසන් වන්නේ 87-89 කාලයේදීම විය යුතුව තිබුණි. සියල්ල රටට වඩා තම පෞද්ගලික දේශපාලන වාසින් තකා ගිය මිනිසුන් නිසාම විය .

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now