囧- හත්වන වෙඩිල්ල -囧

1.1K 194 45
                                    

'' එතකොට අර කොල්ලා ? '' දේවන්තගේ තීරණ කෙතරම් දරුණු වුවද ඒවා වෙනස් කිරීමට නොහැකි බව දත් නුවිදු විමසුවේ ය.

'' මම ගියාට පස්සේ උබයි මෙතන ඉන් චාර්ජ්. '' දේවන්ත නුවිදුගේ උරහිසට තට්ටුවක් දමමින් පැවසුවේ ය.

'' තමුසේ මගුලක් කියවනවා.. අර කොල්ලාට මොකද වෙන්නේ !!! ? '' දේවන්ත පැනය මගහරින වග වැටහුණද නුවිදු නැවතත් විමසුවේ ය.

'' හ්ම්... එයා කැමති නම් එයාව රිලීස් කරලා ගෙදර යවන්න නුවිදු.. එයාට මෙහේ ගැළපෙන්නේ නැහැ... '' දේවන්ත සුසුමක් හෙළා පැවසීය.

'' අකමැති නම් ? '' නුවිදු දෙවන පැනයෙන්ද දමා ගැසුවේ ය. සැකයක් නැත . දේවන්ත කුඩා කොල්ලාට සලකා ඇති ආකාරය දැන් දැන් නුවිදුට ද වැටහී යයි. ඔහුට දේවන්තගේ වටහා ගත නොහැකි තැනක් නම් මේ '' මෙවන් '' සම්බන්ධ විෂයයි. දේවන්ත නිහඩවම කොටය මතින් වාඩි වී සිය බූට් සපත්තු මදකට ලිහිල් කළේ ය. නුවිදුද පිළිතුරු ලැබෙන තුරු බලා සිටියේ ය.

'' හ්ම්... '' දේවන්ත සුසුමක් හෙලුවා විනා කිසිවක්ම නොපැවසුවේ ය.

'' මට ඔයාව විශේෂයි '' මෙවන් පැවසූ අයුරු දේවන්තගේ දෙසවන්හි දෝංකාර දුන්නේ ය. වරින් වර පසුතැවීම ඔහු ගිළගැනීමට තැනුවේ ය. ගින්නට බට පළගැටියෙකු සේම ඔහු ඒ ගින්නෙහි දැවෙමින් නැවතත් සුසුමක් හෙළුවේ ය. ඔහුගේ මුවින් මෙතරම් සුසුම් පිට පැන නැති වග නුවිදුද දැනුවත් ය.

'' දේවන්ත !! මොකක්ද මිනිහෝ මේකේ තේරුම ? උබට මොනවා වෙලාද !! '' නුවිදුගේ හඩින් දේවන්ත පියවි සිහියට පැමිණියේ ය. නමුත් ඔහු තවමත් නිහඩ විය.

'' නුවිදු.. උදව්වක් ඕන.. '' දේවන්ත සාවධානව පැවසුවේ ය. ඔහු මින් පෙර නුවිදුගෙන් කිසිම උපකාරයක් ඉල්ලා නොතිබුණේ ය.

'' කියපන් බං.. '' ඇසූ පමාවෙන් නුවිදු ස්ථිරව පිළිතුරු දුන්නේ ය. දේවන්ත හුස්මක් ගත්තේ ය. ඔහුට ප්‍රථමයෙන් සිත මදක් සැහැල්ලු කරගැනීමට ඇවැසි විය.

'' උදේ 4ටම නැගිටන්න තාම පුරුදු නෑ එයාට... මෝනිං පීටී වෙලාවට හයිකින් යනකොට මෙවන්ට පාට්නර් කෙනෙක් නෑ... ඒක නිසා ට්‍රේනින් වෙලාව අතරේ ලේක් එකින් වතුර බොන්න පුංචි වෙලාවක් දෙන්න එයාලට.. සදුදා දවස්වල හවස වෙපන් ට්‍රේනින් එකට පරක්කු වුනාට මුකුත් කියන්න එපා.. සදුදා දවස්වලට එයාට ගොඩක් වෙලාවට ක්ලීනින් ඩියුටිස්... ඒක නිසා පරක්කු වෙන්නේ... විනාඩි දෙකකට වඩා පරක්කු වෙන්නෑ,. උනොත් උබම බලාගනින්.. එයා රෑට කන්නේ නැහැ.. ඒ වෙලාවේ එයා වැව ගාව.... එතකොට තනියම ඉන්න කැමති නැහැ එයා.. එයා එක්ක කවුරුත් කතා කරන්නේ නැහැ.. පුළුවන් නම් එයා ගාවට ගිහින් කතා කරන්න.. නෑ ..කතා කරන්න එපා.. අහගෙන ඉන්න.. එයා ආස එයා කියන එකක් වෙන කෙනෙක් අහගෙන ඉන්නවා නම්.. කොල්ලා ආසයි එයාගේ කූරු කොණ්ඩේ අතගානවාට... ඒත් උබ අතගාන්න යන්න එපා... කාටවත් අත තියන්න දෙන්න එපා එයාට.. ඇත්තමයි නුවිදු මම උබවත් මරනවා කවුරුහරි එයාට අැගිල්ලක් හරි තියලා තිබ්බොත්.. ගහනවා නම් ගහපන් , ඒත් වෙන දේවල් බැහැ... හැබැයි ඌ උබටත් ආදරෙයි වගේ විකාරයක් කියාගෙන ආවොත් උගේ කට කඩලා ඌව එතනම මරලා දාපන්.. '' දේවන්ත අවසන් කොටස පැවසුවේ කේන්තියෙනි. නුවිදු මුවත් ඇරගෙන දේවන්ත දෙස බලා සිටියි. ඒ දේවන්ත වෙතින් ඉදිරිපත් කෙරුණු දීර්ඝතම විස්තරයයි.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now